(යොහාන් භාසුර)
ඉන්ධන බෙදාහැරීම විධිමත් කිරීම සඳහා 'ජාතික ඉන්ධන බලපත්‍රයක්' නිකුත් කිරීම වාහන ලියාපදිංචි කිරීම අද (16) ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පස්වරුවේ පැවසීය.
ඒ අනුව වාහන හිමියන්ට fuelpass.gov.lk වෙබ් අඩවිය හරහා ලියාපදිංචි විය හැකිය බවද අමාත්‍ය කාංචන විජේසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදායම් බලපත්‍රයේ පන්ච් එකක් යොදා ඉන්ධන නිකුත් කිරීමට යෝජනා කරමි...
කූපන් දුන්නා වගේම තවත් අනුවන ක්‍රියාවක්...
සයිට් එක ඔන් කරලා... පැයක් යන්න කළින් බඩු නෑ.
එතකොට හැමෝම යන්න ඕනේ මෙයාලා අනුමත කරන කිලෝමීටර ගාණ විතරයි. හරි ෂෝක්..!
ෂෙඩ්වල තෙල් නැතිව ඕක මොකටද?
වැඩේ හොඳයි. නැත්නම් එනඑන තෙල් ටික කට්ටිය හොරකමින් අරගෙන වැඩිමිලට විකුණයි. හැබැයි web.site එක තාම වැඩ නෑ..
වාහන 5, 10 තියෙන ධනපතියන්ට ටැංකි පිරෙන්න දුන්නාම, එක වාහනයක් විතරක් තියෙන මනුස්සයාට හුළං තමයි ඉතිරිවෙන්නේ... අනේ කවදා මේ මෝඩකම් නවත්තයිද?
කොහොම හරි කරලා මේ ජාවාරම නවත්තන්න වැඩක් කරනවා නම් හරි. මේක තමයි හරියට කරන්න ඕනෑ. හොරුන්ට වැට බඳින්න හරියට මේක කරන්න..
කොහොමද කාංචන යන්නේ?
ටෝකන් ක්‍රමය අවුල් ජාලාවක් වුණා. ඇප් එකෙන් ඇති වැඩක්ම නැහැ. බලපත් ක්‍රමයට අයත්වන ඉරණමත් එකමයි. අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයෙන් 10% ක් පමණ ආනයනය කළාම දැඩි හිඟයක් ඇතිවන බව මේ අයට තවම තේරිලා නැහැ.
මේ මගුල වැඩ කරන්නේ නැහැ කියලා තෙල් ඇමතිට කියන්න...
මෙය දිස්ත්‍රික් ක්‍රමයට ක්‍රියාත්මක කළොත් පහසු වේවි...! නැත්නම් අවුරුද්දක් ගතවුණත් අවසන් කරන්න බැරිවේවි එහෙම විධිමත් කළොත් ඉතාමත් හොඳ වැඩක්. මෙමගින් අයිතිය පවරා නොගෙන (රජයට නියමිත ගාස්තු මගහැර) පාවිච්චියට ගන්නා වාහන හඳුනාගෙන ලියාපදිංචි කිරීමෙන් ආදායමක් ලබන්නත් පුළුවන් වෙනවා. එහෙම නැත්නම් වාහනය ලියාපදිංචි ප්‍රදේශයේ පිරවුම් හල්වලින් පමණක් ඉන්ධන ගැනීමට බලපත්‍රය දෙනවා නම් පවරාගැනීම් කරාවි...!
හේතුවට දේශපාලනික හා ආර්ථික විසඳුමක් දෙන්නේ නැතිව මෙයාලා අතීසාරයට අමුඩ ගහනවා.
වෙබ් පේජ් එකේ රෙජිස්ටර් වෙන එකට අවශ්‍ය තොරතුරු නිසි පරිදි ප්‍රසිද්ධ කර නොමැත. මෙහි OTP අංකයක් ඉල්ලනු ලැබේ. මුලින්ම ජංගම දුරකථනයෙන් ලියාපදිංචි විය යුතු බවත්, මෙම OTP අංකය SMS පණිවිඩයක් ලෙස පාරිභෝගිකයාට පැහැදිලිව සඳහන් කරන්න.
ඔයාගේ උනන්දුව හොඳයි.