(සුමිත් පොතුපිටිය)
ඉන්ධන නොමැතිව දින 36ක් තිස්සාසේ වසාදමා තිබූ මග්ගොන පිරවුම්හලේ කළමණාකරු අද (16) රාත්‍රි විදුලි විසන්ධිව ඇති මොහොතේ පෙට්‍රල් ලීටර් 25 ක් පිරවුම්හලේ සිට ත්‍රීරෝද රථයකින් රැගෙන යමින් සිටියදී ප්‍රදේශවාසීන් පිරිසක් ලුහුබැඳ අල්ලා පයාගල පොලිසියට බාරදී තිබේ .
මග්ගොන සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලෙන් ඉකුත් ජුනි 20 දා සිට ඩීසල් හෝ පෙට්‍රල් නිකුත් කර නොමැති අතර , එහි භූගත ටැංකියක තිබූ පෙට්‍රල් මෙලෙස රැගෙන යන්නට ඇති බවට සැකපලකරන බව පොලිසිය පවසයි.
සැකකරු විදුලිය විසන්ධිවී ඇති මොහොතේ ත්‍රිරෝද රථයකින් පිරවුම්හලට පැමිණ පෙට්‍රල් ලීටර් 25 ක් ප්ලාස්ටික් කෑන් එකක බහා එය පොහොර උරයකින් ආවරණය කර ත්‍රීරෝද රථයේ පිටුපස සගවා රැගෙන යන ආකාරය ත්‍රීරෝද රථ රියදුරකු දැක ලුහුබැඳ ගොස් මග්ගොන නගර මධ්‍යයේ මග හරස් කොට නවතා තවත් පිරිසක් සමග එක්ව සැකකරු අල්ලා භාරදුන් බව පොලිසිය සදහන් කරයි.
මෙසේ පොලිසියට භාරදි ඇත්තේ බේරුවල , මාගල්කන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පැවසේ.
සැකකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග කෙසේ වුවද භූගත ටැංකිවල තවත් පෙට්‍රල් ඇත්නම් තමන්ට ලබාදෙන ලෙසට විශාල පිරිසක් ඉල්ලා සිටි අතර පොලිසිය එය පරීක්ෂා කිරීමේදී ලීටර් 200ක් එහි තිබී බෙදා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රීවීල් කාරයින්ගේ ගෙවලුත් පරීක්ෂා කරා නම් ලීටර් 100 ගානෙවත් අඩුම ඇති.. මේ අය නම් රටට සාපයක්...