(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අපි නායකයන්ට පැහැදිලිව කියනවා ඒක මේසෙක වාඩි වෙලා තීන්දු කරන්න ජනාධිපති කව්ද ? අගමැති කවුද? කියලා. එහෙම නැතුව ඡන්දවලට ගිහිල්ලා කෝටි ගණන් නාස්ති කරලා ජනතාව තව තවත් පීඩනයට ලක් කරන්න එපා යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් කියනවා පක්ෂයේ ඡන්දෙ රනිල් වික්‍රමසිංහට දෙන්න තීන්දු කළා කියලා සාගර කාරියවම් කියනවා. එහෙම තීන්දුවක් ගත්තේ නැහැ.
අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හදපු අය. ඒ වගේම ඉන්න අය අපි වැඩි දෙනෙක්ගේ මතය වුණේ, ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන්ට කියමු තමන්ගේ ප්‍රතිපත්ති අපි ඉදිරියට ඇවිල්ල කියන්න. ඊට පස්සේ 225 ම තීන්දු කරමු කාටද ඡන්දෙ දෙන්නෙ කවුද ජනාධිපති කරන්නේ කියලා
සාගර කාරියවසම් එදා කරපු දේමයි අදත් කරන්නෙ , ලේකම්තුමාට පැහැදිලිව කියනවා මේ වගේ බොළඳ ,මේ වගේ මෝඩ තීන්දු තීරණ පක්ෂයේ මතය කියලා ජනතාවට දෙන්න එපා කියලා
ඔබතුමාගේ පුද්ගලික මතයක් කියනවා නම් එය පැහැදිලි කරන්න. පක්ෂයේ මතය කියලා දෙන්න එපා, එහෙම වුණොත් අපි පක්ෂයක් හැටියට ලේකම් ගැන තීන්දුවක් ගන්න වෙනවා .මේක මහා බොරුවක් කළේ .
අදත් මෙච්චර රට වැටිලා තිබෙද්දී ඒ වගේ ඔලමොට්ටල වැඩ කරන්න එපා කියලා ලේකම්ට පැහැදිලිව කියනවා.
පක්ෂයක් හැටියට මන්ත්‍රීවරු සියලු දෙනා එකතුවෙලා ලේකම්ට විරුද්ධව අපි තීන්දුවක ගන්නවා. අද රට වැටිල තියෙන තත්ත්වය පිළිබඳ සියලුම නායකයන් තේරුම් ගන්න ඕන
හැට නම ලක්ෂයක් ඡන්ද ගත්ත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතාව විසින්ම පලවා හැරියා. මේක නායකයන් සියලු දෙනාම තේරුම් ගත යුතු දෙයක්.
මේ ජනතාව කොළඹට ආවේ ජනතා විමුක්ති පෙරමුණ කියපු හින්දවත් පෙරටුගාමීන් කියපු හින්ද වත් නොවේ. ජනතාව ඉන්නේ ලොකු පීඩනයකින්. ඒ පීඩාව දරාගන්න බැරිව තමයි ජනතාව එදා නම වැනි දා ජනාධිපති මන්දිරයට ලක්ෂ ගණනින් කඩා වැදුණේ.
විශේෂයෙන්ම වර්තමාන නායකයන්ට අපි කියන්න ඕන.ජනතාව නැවතත් කොළඹට එන්නේ නැති වැඩපිළිවෙළකට අපි යන්න ඕන.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කාරියවසම් කියන්නෙ කාරිය කරන මිනිහෙක් නෙවෙයි, කාරිය වහන මිනිහෙක්. කරපු හරියක් කලේ රාජපක්ෂලාගේ අමන වැඩ වහපු එක විතරයි.
තමතමන්ගේ මත ප්‍රකාශ කිරීමේ අයිතිය ව්‍යවස්ථාවෙන්ම ලබාදීලා තියෙනවා. ඒ වගේම අවස්ථාව උදාවූ විට ධුර කාලයේ අවසානය දක්වා ජනාධිපතිවරයකු පත්කර ගන්න ආකාරයත් ව්‍යවස්ථාවේ පැහැදිලිව තියෙනවා. ඉතින් තැන තැන යන්නේ නැතිව වැසිකිළියකට ගියා නම් හොඳ නැද්ද?
සාගර කාරියවසම් කියන කෙනා කිසිම ජනමතයක් නැති කෙනෙක්. ළඟදීම ගුටිකනවා...
මහබැංකු හොරකම මතක නැතිද? රනිල්ට රට පාවාදෙන්න එපා. දැනටමත් අර්ජුන මහේන්ද්‍ර එළියට ඇවිත් දැන් හොරු බය නෑ.. හොරුන්ට ආරක්ෂාව තියෙනවා.
කවුද මේ කාරියවසම් කියන ඇම්බැට්ටයා.. මහ කුම්මැහියෙක්... හොඳ හෝටලයකින් කන්න දෙන්න ඕනෑ බඩ පිරෙන්නම..
පක්ෂයවත් නැති ජනතාව ප්‍රතික්ෂේප කරපු කෙනෙක් දානවට වඩා තමන්ගේ පක්ෂයේ ජනාධිපතිකමට ඉදිරිපත් කරන්න උගත්, බුද්ධිමත්, දක්ෂ කෙනෙක් නැතිද? එතකොට ආපසු ජනතාව හමුවට ඇවිත් ඡන්දෙ ඉල්ලන්න පුළුවන්ද?
සර්ව පාක්ෂික එකඟතාව ඉදිරියට ඉතා වැදගත්... ජනතාව ප්‍රතික්ෂේප කරපු එක මන්ත්‍රීවරයෙක් පමණක් ඉන්න පක්ෂයක කෙනෙක් ඉදිරිපත් වෙලා මන්ත්‍රීවරුන් කරන්න යන මේ සෙල්ලමෙන් රට තවත් අස්ථාවර වෙනවා. ඒ නිසා පොදුපෙරමුණෙන් හෝ යහපත් දක්ෂ අයෙකු ඉදිරිපත් කරන්න.
පොහොට්ටුවෙන් මොකා ආවත් වැඩක් නැහැ... හොරකම් කරපු ඒවා අල්ලන්නේ නැහැ.. ඒකයි ඇත්ත.
සාගර කියන්නේ බැසිල්ගේ ගොට්ටෙක් කියලා දන්නේ නැත්තේ කවුද?
ඡන්දයකට යන්න ඇයි බය?
රාජපක්ෂ පවුල කවදාවත් පක්ෂයේ වෙනත් කෙනෙකුට ඉහළට යන්න දෙන්නේ නැහැ. UNP එක පරදවලා බලය ගත්තේ ආපසු UNP එකට ආපසු දෙන්නද? මේ ඔක්කොම කරන්න රාජපක්ෂ පවුලෙන් පිට කෙනෙකුට තැනක් දෙන්න අකැමැතිකම. නැවත රාජපක්ෂලා හැදෙනකම් කරන දෙයක් මේක. මේවට අහුවෙන්න එපා. පොහොට්ටුවෙන් කෙනෙක් ඉදිරිපත් කරන්න.