(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපති ධූරය සදහා ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයකුට ඡන්දය නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇතැයි එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
අභිනව ජනාධිපති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායක ඩලස් අලහප්පෙරුම සරත් ෆොන්සේකා යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රහස් ඡන්දයක් තියෙන්නේ. කට්ටිය රහසේම දෙයි. ඔයාට කන්ට්‍රෝල් නෑ...
ගෙදරක පවුලකත් ඔයිට වඩා සාමාජිකයින් ඉන්නවා. ඔයාලාට අතේ ඇඟිලි ගාණටවත් නැහැනේ..!
ඔන්න තමන් කව්ද කියා පැහැදිලි කරා. මෙයාටත් ඕනේ ඕනෑම වේලාවක බලේ. මෙයාත් සිහින දැක්කේ ජනාධිපති වෙන්න ආයෙමත්. අනේ පව්..!!!
දෙන කෙනා පැරදුණොත් නේද?
ඔබලා හදන රට. බලයට කෑදර…
දයාසිරි මහත්තයා දැන් වෙනම තාලයකට සින්දුවක් කියන්නේ නේද? ඔබතුමාත් එක්ක නැද්ද දැන්..?
" ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා එකක් දැන් නෑ" කීවා නම් තමයි නිවැරැදි...
ආප්ප කාලා පැනපු ඔයා කියපු කරපු හරිය අපි හොන්දටම දන්නවා .දැන් කවුරුවත් ඔයා කියන දේවල් අහන එකක් නැහැ.
ඔහෙට නම් අපි කොහෙත්ම දෙන්නේ නැහැ...
ඔය කවුරු ආවත් පරණ සිංදුවම තමයි... ඩියුටි ෆ්‍රී කාර්, මැති ඇමැති වරප්‍රසාද, දීමනා... ජනතාව දුකේ...!
ඇයි, ජනාධිපති කෙනෙකුයි, අගමැති කෙනෙකුයි නැතිව රට දුවන්නද කල්පනාව...?
මෙයාට මෙයාගෙ නෝනවත් දෙන්නෑ
අපෝ සහාය දෙන්න. පසුගිය අවුරුදු 65ම දූන්නු සහාය නිසා රට බැබලෙනවා...
මේ ඔක්කොම හොරු... අපේ ප්‍රශ්න ගැන මේ අයට කිසිම අනුකම්පාවක් නැහැ. මේ අය බලන්නේ මේ අය කරපු හොරකම් තව මාස කීපයක්වත් වහගෙන ඉන්න කෙනෙක් නායකත්වයට ගේන්න... රට හදන්න නම් ලබන ඡන්දෙදී මේ හොරු සෙට් එකම ගෙදර යවන්න ඕනේ...
හිටන් ජනපති වෙලා හිටපු කාලෙ කරපු තුච්ච වැඩ නිසා, මෙයගෙ පක්ශෙන් අපෙක්ශකයෙක් දැම්ම එයට හිමිවන තැන දන්න සිරිසේනය කාටවත් සහයොගය නොදෙනව කියන්නෙ හිතේ තිබෙන. කුහක කම නිසයි. ඒ උනත් SLFP මන්ත්‍රිවරු ගුරාගෙ අන නොතකා, චන්දය පවිච්චි කරනු අැත !!!
පිස්සෙක්, කටවත් සහය ඩෙන්න ඔන නෑ, තමුන් තරගෙට අාවනම් ඉවරයි. ගෝලයෛා ටිකක් එක්ක
මට නැත්නම් වෙන කරත් නෑ කියලා කියන්නේ..!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසි අපේක්ෂකයෙකුට ඡන්දය නොදෙන්නේ නම් එය වක්‍රාකාරව පොහොට්ටුවට සහාය ලබාදීමයි. අරගලකරුවන් ඉල්ලා සිටින්නේ පොහොට්ටුවෙන් කිසි අපේක්ෂකයෙකු ජනාධිපති නොවන ලෙසයි. ඒ නිසා කරුණාකර පොහොට්ටුවට සහාය දීමෙන් වළකින්න...
ග්‍රාමසේවක කමටවත් ඕහේවනම් එපා...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසි අපේක්ෂකයෙකුට සහාය නොදෙන්නේ නම් වක්‍රාකාරව පොහොට්ටුවට එය වාසි සහගතයි. මේ වෙලාවේදී අරගලකරුවන් ඉල්ලා සිටින්නේ පොහොට්ටුව නියෝජනය කරන කිසි අපේක්ෂකයෙක් ජනාධිපති නොවන ලෙසයි. ඒ නිසා වක්‍රාකාරව පොහොට්ටුවට උපකාර කිරීමෙන් වළකින්න.