(මුදිතා දයානන්ද)
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද ජනාධිපති ධූරය සඳහා තරඟ කිරීමට සූදානම් බව ජාතික ජනබලවේගයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
රටේ වැටි ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩනැගීමට නායකත්වය දීමට පාර්ලිමේන්තු ඇතුලේ ජනාධිපති තේරීමේ තරගයේ දී ජාතික ජල බලවේගය නියෝජනය කරමින් අපේ පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අපි ඉදිරිපත් කරනවා යැයි විජිත හේරත් මහතා පවසයි. ජාතික ජන බලවේගයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඒ මහතා මේ බව පැවැසීය.
එළඹෙන 19 වැනි නාම යෝජනා බාර දෙන බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේන අම්බලන්ගොඩ උන්නැහේ කියන්නේ 2024 වර්ෂයේදී ඔබට ස්ථිරවම ජනාධිපති තනතුර ලැබෙනවා කියලා පුන පුනාම කියනවා.. එහෙම තියෙද්දි දැන් ඉදිරිපත් වුනොත් 2024දී ඔබටත් ගෝඨාභයට වෙච්චි දෙයම වෙන්න පුළුවන්... දීඝායු දුර බලන්න.. ළග නොබලන්න,
අරාජික රටක පාලකයන් පන්නා දමා අරගල කරුවන් දිනාදුන්නු රට ගොඩනැගීමට සුදුසුම පුද්ගලයා අනුර...
පාර්ලිමේන්තුවේ දැන් ඉන්න හොරුන්ගේ ඡන්දෙන් නම් අනුර දිනන්නේ නැති බව නම් අපි දන්නවා. ඒත් ජනතාවට අවස්ථාව ලැබෙන පළවෙනි මොහොතේම ඔබව දිනවනවා. දූෂිත පාලකයින් බිමටම සමතලා කර දැමූ මේ රටට දැන් ඇති එකම බලාපොරොත්තුව ඔබ පමණයි.
සියලුම අපේක්ෂකයන්ගෙන් රට හදන වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීමට බලකළ යුතුයි.
හනුමන්තා ළකුණින්ද?
අනුර සහෝදරයා ඉල්ලන්නේ දිනන්න නෙවෙයි කියලා අපි දන්නවා. මේ රටේ නැවත ගොඩගැනීමේ වගකීම ගන්න සූදානම් බව ප්‍රකාශ කිරීමටයි ඔහු ඉදිරිපත් වෙන්නේ...
හිටපු හොරුන්ට වැඩිය ඔබ හොඳයි මචන්...
මේ අයට, වෙන කෙනෙකුට ඡන්දය දෙන්නත් බෑ. මේ වෙලාවේ එය පාවිච්චි නොකරත් බෑ. ඒ නිසයි මෙයාව දාන්නේ...
ව්‍යවස්ථානුකූලව සුදුසුකම් ඇති ඕනෑම කෙනෙකුට ඉල්ලන්න පුළුවන්... මොන හේතුවකට හෝ ජනපති වුවහොත් එදාට දැනේවි, පචහළන එකයි, වැඩ වර්ජන දියත් කරන එකයි, කැරළි ගහන එකයි වගේ ලේසි නෑ රටක් කරන එක කියලා....
අනුර දිනුවත් නැතත්, රටේ පාලනය බාර ගැනීමට ඉදිරිපත් වීම මෙතැන් සිට සටහන් වෙනවා.
මේ යන විදියට ජනාධිපති වෙන්න පුළුවන් බව පේනවා. මාර කැම්පේන් එකක්නේ දෙන්නේ....
ඡන්ද තුනක් ගන්නත් සටන් කරනවලුද?
අනුර කුමාර සහෝදරයා ඉදිරිපත් වීම අගය කරනවා. නමුත් ඔහුට කිසිසේත්ම ඔය හොරු රැල පාර්ලිමේන්තුවේ සිටින තෙක් ඉදිරියට එන්න දෙන්නේ නැහැ.. ඔය ඉන්න අනිත් අය බල පෙරේතයින්. දැන් රටට අවශ්‍ය අනුර කුමාර දිසානායකම තමයි.
ඔබතුමාට ජයක්ම ලැබේවා...!
කොහොම වුණත් ඊළඟ ඡන්දෙදී ජනපති ඔබයි...!
අකුදිට පක්ෂ අයත් ඔහු හොරෙක් බොරුකාරයෙක් ලෙස හිතන්න කැමැති නැහැ. රට ගොඩ ගන්නලුනේ මේ අරගල. එහෙම අය 13දා වසන්තට අරගලයෙදි ගුටි කාපු එකත් ඒ මොහොතේම ලෝකෙම දැක්කා. නමුත්, ලැජ්ජාවක් ගෑවිලාවත් නැති නිසා ඒ කොටස කපා හැරලා, හැරෙන තැපෑලෙන් මාධ්‍යයට, රටට, ලොවට කියනවා ගුටි කෑවේ නැහැ කියලා. බොරුවෙන්මයි මුළු කාලයම. හරි නායකයෙක් නම් එවැනි තකතීරු වැඩවලට උල්පන්දම් නොදී, නේද කටයුතු කරන්න ඕන...?
මෙයා හිතනවා ඇති අරගලයේ පැතුම මං තමයි කියලා. වසන්ත සමරසිංහට ඇප නැතිවෙන්න නෙලාපු අයගෙන් ඕන එක අහන්න. කොහොමත් අනුර ජනාධිපති වෙනවා නම් හොඳයි... ස්ට්‍රයික් පිකටින් කරනවා, ගිනි තියනවා තරම් ලේසි නැහැ කියලා තේරෙයි එතකොට. අනුර පොරක් කියලා හිතාගෙන ඉන්න අයටත් තේරෙයි.
ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉල්ලපු වෙලාවේ ඇමරිකාවෙන් ඔහුට සල්ලි දුන්නා. අකුදිලා ඉන් කොටසක් ගසා කෑවා. ඒවා ඔප්පු වුණු දේවල්. ඊළඟට විජේදාස රාජපක්ෂගෙන් වැසිකිළියකදී සල්ලි ගත්තා. ඇවන්ගාඩ් ගෙනුත් එහෙමයි. මේ සම්බන්ධ ප්‍රසිද්ධ විවාදවලට එන්න කිව්වත් ජවිපෙ ඒක මග ඇරියා. විජේවීරට ගෙවල් හදනවා කියලා එකතු කරපු සල්ලිවලට වෙච්චි දෙයක් නැහැ. අකුදිලා පෙරාපු රත්තරං කියලා හිතාඉන්න ඔහුගේ ගෝලයින්ගේ දැනගැනීම සඳහයි.
රනිල් දිනවීම සඳහා හොඳම සහාය විපක්ෂයේ ඡන්ද කැඩීම. එය අනුර හොඳින් ඉටු කරනවා. බැසිල්- රනිල් ඩීල් එකේ තවත් පියවරක්...!
අනුර දිසානායක පාලනයක් තුළ ලංකාවේ කෘෂිකර්මය, නීතිය, අධ්‍යාපනය.. වගේ දේවල් දියුණුවෙයි කියලා හිතන්න පුළුවන්... හැබැයි හැමෝටම ගොඩක් මහන්සි වෙලා වැඩකරන්න වෙයි. හොරකම, පගාව.. වගේ දේවල් අඩුවෙයි.
අනුරගේ කතාව කෙරුවාවල් මේ බුවාලා දන්නවා. හැබැයි කල්පනාවට එන්නේ නැහැ. මොලේ හිරිවැටිලා. ජීවත් වෙන්නේ මනෝ ලෝකේ. අනුර සර් තම අම්මෝ පෙරාපු රත්තරන්... රාජපක්ෂ කාසියේ අනිත් පැත්ත අනුර. රනිල්ගේ අගමැතිකම බේරලා දුන්නේ නිකන් නෙමෙයි නඩු කියලා. ඇවන්ගාඩ් ලොක්කා කිව්වේ... විජේදාස නම් සල්ලි දීලා තිබ්බේ ලැට් එකේදී. කෝ විවාදෙට ආවාද?
පළමුව සහ අවසාන වශයෙන් හිතපු දේ හොඳ තීරණයක්...
මේ මොහොතේ රටට අවශ්‍ය රට ඉල්ලන නායකත්වය හැබැයි ඔය පාර්ලිමේන්තුව තුළ ඒ නායකත්වයට විකල්ප බලවේගයට ඉඩක් දෙන්නේ නෑ දූෂිත කණ්ඩායමක් ඉන්න නිසා... ජනවරමකින් රට හදන කාර්යය ඉක්මන් කරමු .
අදහස් සඳහා කැමැත්ත අකැමැත්ත ප්‍රකාශ කිරීමට අනුමත කරනවිට කොළපාට ඔබන්න. අකැමැති නම් රතුපාට ඔබන්න. බොහෝ දෙනෙක් ඉතාමත් සත්‍ය දේවල් සඳහා රතුපාට ඔබලා ඔවුන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරලා තියෙනවා.
අව්‍යාජ නායකත්වයට ජයවේවා..!
අනේ මන්දා, රට හදන්න දඟලන දැඟලිල්ලක්, හැමෝම එන්නේ රට හදන්නලු, ඒත් හැදුණ රටක් නම් නෑ, ලෝකේ අපිටත් වඩා ඉතාමත් නොදියුණු තත්වයේ තිබුණු රටවල්වල දියුණුව දැක්කාම අපි කොහේද ඉන්නේ කියලා හිතෙනවා, රට හැදිල්ලේ අරුමය...!
බස් ගිනිතියලා වැඩේ පටන් ගත්තා පුරුදු විදියටම. ඔහොම යං... ඔහොම යං...
අර්බුදයක් නිර්මාණය කර බලයට පැමිණෙන්නා අර්බුදයක් විසින්ම බලයෙන් පහ කෙරෙනු ඇත. මෑත දී සිදුවූයේද එයයි. අනාගතයේ ඔබට සිදුවන්නේ ද එයමයි. අහිංසක ජනතාවගේ දුක්, කඳුළු තමන්ගේ දේශපාලනය කරගන්නා තාක් කල් කාටවත් පැවැත්මක් නැත.
රට අස්ථාවර කරලා ගේමෙන් බලය ලබා ගන්න හදපු NGO ...
වඩාත් ගැලපෙන තීරණයක්...!
රාජපක්ෂලා වගේ රටම ණය කරමින් මිනිස්සුන්ගේ අන්තිම සතේත් හූරාකන්නේ නැතිව රට ගොඩ නගමින් ටිකක් හොරකම් කළත් අවුලක් නැහැ.
දුවන්නන් වාලෙ කෙට එළදෙනත් දිව්වාලු...!
ඔහු ඡන්ද 3ක් ගනීවි...
රනිල්ට සපෝර්ට් කරනවා...
මෙයා 2001-2022 මේ දක්වා පාර්ලිමේන්තුවේ වළං බිඳ බිඳ මේ රටේ අහිංසක අසරණ මිනිසුන්ගේ වක්‍ර බදුවලින් ලක්ෂ ගණනාවක් මුදල් මේ වනවිට මහත්ම ලීලාවෙන් ඔඩොක්කුවට හලාගෙන ඉස්සගෙ න්‍යායට අනුව මම සුදනා, මම සුදනා කිය කියා දවස් අටදහසක් පමණ, තිස්සේ පපුවට ගහගෙන ගහගෙන කල් මරණ එක තමයි තාමත් කරන්නේ... ශ්‍රී ලංකා ධරණී තලය තවත් මේ පාපකර්ම උහුලයිද?
පාර්ලිමේන්තුවේ හොරු අනුරට ඡන්දෙ දෙන්නේ නැහැ. අනුර ඇර අනිත් තුන්දෙනාට ඡන්දෙ දෙන මන්ත්‍රීලාට පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දෙ නොදී ඉන්න අය ඉල්ලන ආසනවල මිනිස්සු දැන ගන්න ඕනේ...!