
(බන්දු තඹවිට)
පාපැදියෙන් ගොස් ඉතිරිකරගත් ඉන්ධනවලින් තම පෞද්ගලික මෝටර් රථයෙන් හෘදරෝගියකු කළුතර මහරෝහලට රැගෙන ගොස් එම රෝගියාගේ ජීවිතය බේරාගැනීමට කළුතර කටුගහහේන රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය පියවරගත් පුවතක් මතුගම කටුගහහේන රෝහලෙන් වාර්තා විය.
කටුගහහේන රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රංජිත් දිසානායක මහතා සිය රෝහල් කාර්යමණ්ඩලය සමග එක්වී මෙම හෘදරෝගිගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කර ඇත.
නවුත්තුඩුව ,අලුත්ගම්ගොඩ ප්‍රදේශයේ පදිංචි කේ.කේ.ප්‍රේමතිලක නම් 65 හැවිරිදි අයකු හදිසියේ අසනීප වී ඇත.
තම එකම පුතා හමුදා පුහුණුවට ගොස් ඇති නිසා නිවසේ හුදකලාව ජීවත් වූ මෙම යුවළට එම අවස්ථාවේ පිහිටවීමට කිසිවෙක් නොවූ නිසා රෝගී අයගේ බිරිඳ විසින් තම අසල්වැසින්ගේ සහායෙන් කැබ් රථයකින් රෝගියා කටුගහහේන රෝහලට ගෙනවිත් ඇත.
එහිදී එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි වෛද්‍ය වත්සලා සමරනායක මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය වහා ක්‍රියාත්මක වී රෝගියාට අවශ්‍ය මුලික ප්‍රතිකාර ලබාදී රෝගියාගේ තත්වය අසාධ්‍ය බැවින් වහාම වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ රෝහලවෙත රැගෙන යාමට ගිලන් රථයක් ලබාගැනීමට උත්සාහ කළත් ගිලන්රථ ඉන්ධන නොමැතිව ධාවනය කිරීමට නොහැකි වීම නිසා ප්‍රධාන වෛද්‍ය නිලධාරී රංජිත් දිසානායක මහතාට ඒ බව දැනුම් දී ඇත.
පසුව වෛද්‍ය රංජිත් දිසානායක මහතාද වෛද්‍ය වත්සලා සමරනායක මහත්මිය සමග රෝගියා පරීක්ෂාකර බලා රෝගියා හැකි ඉක්මණින් විශේෂ හෘදරෝග ප්‍රතිකාර සඳහා යොමුකළ යුතු බවට තීරණය කර ඇත.
ගිලන්රථයක් ලබාගැනීමට නොහැකි වීම නිසා වහාම ක්‍රියාත්මක වූ වෛද්‍ය රංජිත් දිසානායක මහතා රෝහලේ ගාල්කර තිබු තම මෝටර් රථය ගෙනවිත් හෙද නිලධාරිණි පියුමි නිසංසලා කරුණාරත්න මහත්මිය , රෝහල් කාර්යමණ්ඩලයේ පුබුදු මහතා සහ රෝගියා රෝහලට රැගෙන ආ අසේල ප්‍රමෝද් සමග ඔක්සිජන් ඇතුළු මුලික ප්‍රතිකාර අඛණ්ඩව ලබාදෙමින් රෝගියාව ඉක්මනින් කළුතර නාගොඩ මහා රෝහලට රැගෙන ගොස් බාරදී ඇත.
මේ පිළිබඳව කටුගහහේන රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රංජිත් දිසානායක මහතා මෙසේ පැවසීය.
මෙම රෝගියා ඉතාම අසාධ්‍ය තත්වයෙන් සිටියේ. ගිලන් රථයක් නොමැති වීම නිසා වටිනා මිනිස් ජීවිතයක් අවාසනාවන්ත ලෙස මරණයට පත්වීමට ඉඩ දීමට අපට හැකියාවක් නැහැ. වෛද්‍ය සහ සෞඛ්‍ය කාර්යමණ්ඩලවල වගකීම ජීවිත ආරක්ෂා කිරීමයි. මම පසුගිය කාලයේ ඉන්ධන හිඟය නිසා රෝහලට පැමිණීමට සහ කෙටි ගමන් සඳහා පාපැදියක් භාවිතා කල නිසා මගේ මෝටර්රථයේ ඉන්ධන සුළු ප්‍රමාණයක් ඉතිරි වී තිබුනා. එම ඉන්ධන ප්‍රමාණය භාවිතා කර මෙම අසාධ්‍ය රෝගියාගේ ජීවිතය බේරාගැනීමට මට හැකියාව ලැබුනා .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ පිරිසට පින්සිදු වේවා...! දෙව්ලොවට දොරටු විවෘත වෙන්නේ මෙහෙම දේවල් කරනකොට තමයි. අපා දොරටු විවෘත වෙන්නේ නෑ එහෙම අයට. අනෙක් මිනිසුන්ද පරාර්ථකාමී වේවා...!
සැබවින්ම පරාර්ථකාමී මිනිසුන්... මෙම වෛද්‍යතුමා ඇතුළු සියළුම කාර්ය මණ්ඩලයට බොහෝම ස්තූතියි.
මේ මොහොතේ මේ රටට අවශ්‍ය කරන්නේ මෙවැනි පුරවැසියන් සහ වෘත්තිකයින්ය. මෙම මානුෂික මෙහෙයුමට සහභාගි වූ සියලුම මහත්ම මහත්මීන්ට මෙන්ම පාපැදියෙන්, බස්රථවලින් හෝ පයින් පවා රෝහල්වලට පැමිණ සිය කාර්යභාරය ඉටු කරන එවැනි අනෙකුත් සෞඛ්‍ය නිලධාරින්ටද මාගේ ප්‍රණාමය පුදකරමි...
මෙන්න දොස්තරලා. අර ප්‍රවෘත්ති සාකච්ඡා තියෙන අය කවුද දන්නේ නැහැ.. ඔවුන් දන්නේ නැති දෙයක් නැහැ.. ඔවුන්ගේ රාජකාරිය හැර. ඔවුන් තමයි GR ටත් ගේම් එක දුන්නේ.. දොස්තර රංජිත් දිසානායක ඇතුළු කාර්ය මණ්ඩලයට මගේ ප්‍රණාමය...!
සුපිරියි, මෙන්න නියම දෙවිවරු, අපගේ ගෞරවණීය ආචාරය...!
මේ සද්ක්‍රියාවට සහභාගි වී මේ අසරණයාගේ ජීවිතය බේරාගැනීමට උපකාරි වුණ ඔබ සියලු දෙනාගේම උතුම් ක්‍රියාව මේ රට හොරාකාපු සහ තවමත් හොරාකන සමස්ත දේශපාලකයන්ට ආදර්ශයක් වේවා... මේ කාර්යයට සහභාගි වුණු ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා...!
බුදුහාමුදුරුවෝ දේශනා කලේ රෝගීන්ට උවටැන් කිරීම උන්වහන්සේට කරන උපස්ථානයක් කියලයි, එහෙම නම් මෙම පිරිසම නිවනට මාර්ගය සොයාගෙන තියෙනවා. එම සියලු දෙනාගේම සියලු ප්‍රාර්ථනා සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා... ඔවුන්ට සකල සෞභාග්‍යය උදාවේවා...!!!