(අජන්ත කුමාර අගලකඩ)
දැනට පුරප්පාඩු වී ඇති ජනාධිපති තනතුරට සුදුස්සකු තෝරා ගැනීමේ ඡන්දයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බවට ප්‍රකාශ කළේ කුමන පදනමක් මත දැයි එහි සභාපති ජී.එල්.පීරිස් මහතා ලිපියක් යොමු කරමින් පක්ෂ මහලේකම් සාගර කාරියවසම්ගෙන් විමසා ඇත.
නව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීමේ ඡන්දයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කළ බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සගාර කාරියවසම් මහතා ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
එම නිවේදනයට පිළිතුරක් ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා මෙම ලිපිය යොමු කර ඇත. එම ලිපියේ මෙසේ සඳහන් වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පදනම ඉතින් පොහොට්ටු කාරයින්ගේ එකම ගැලවුම්කාරයා රනිල් නිසා. පොහොට්ටු කාරයෝත් පාරේ බැහැලා යන්න එපෑයෑ.
රනිල්ට පුළුවන් රාජපක්ෂ සහ හොර සෙට් එකම බේරගන්න.
සාගර කාරියවසම් කොහෙන් දේශපාලනයට ආපු කෙනෙක්ද? ජ්‍යෙෂ්ඨයින් ඉන්දැද්දී ලොක්කා වෙන්න කියන කතා...
මේ තරම්වත් විනයක් නැති තක්කඩි රැළක් පාලනය කරන්නේ කෙසේද?
ගිලෙන පොහොට්ටුව රනිල් නමැති පිදුරු ගස අල්වා ගනියි...
ආරක්ෂක හේතූන් නිසා පක්ෂයේ අයිතිකාරයින්ට අවස්ථාවක් නැතිව ඇති.., එක එක්කෙනාට වෙනවෙනම ... ඒ නිසා පක්සයේ ලේකම්ට දන්වන්න ඇති... ඔක්කොම මැති ඇමැතිවරුන්ට දන්නවා. සභාපතිවරයාට කලබල වෙන්න කිසිවක් මෙතැන සිදුවී නැහැ.
1993 ප්‍රේමදාස ජනාධිපති මියගියාම එජාපයේ නායක තනතුර නොලැබුණු නිසා රනිල් සමග දැඩි වයිරයෙන් ඉන්නේ. දැන් මිනිහාට එම පලිගැනීම කරනවා මිස වලපයයි, ගොඩපයයි තියාගෙනත් මිනිහාට රට ගැන කිසිම හැඟීමක් නැහැ. වයසට අනුව කල්පනාවත් නැතුව ඇති රට ගැන හැඟීමක් තියේ නම් මහ ඇදුරෙක් යැයි කියන කෙනෙක් ඔහොම කරාවිද? මෙයිනුත් පේනවා උන්දැට වටින්නේ රටට වඩා එයාගේ පක්ෂය කියලා...
කාරියවසම් මහතාගේ ප්‍රකාශය රාජපක්ෂ පවුලේ ස්ථාවරයයි. එයට විරුද්ධව කටයුතු කිරීමට ජි.එල්. පීරිස් මහතාට කොන්දක් තිබිය නොහැකියි. ප්‍රතික්ෂේප වුණු රාජපක්ෂ පවුල ගොඩගෙන ආරක්ෂා කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා තරම් දක්ෂයෙක් නැති බව රාජපක්ෂ පවුලට විශ්වාසයයි...
ඕක පොහොට්ටුවේ බැසිල් විසින් තිරරචනය කරන ලද නාටකයක්... මොවුන්ට රටේ ප්‍රශ්න විසඳන්න කිසිම වුවමනාවක් නැහැ. කරපු හොරකම්වලින් බේරෙන්න, තවත් හොරකම් කරන්න බලය රැකගන්නවා... ඉදිරි අවුරුදු 2-3 අපට අරගල කරකර ඉන්නවා හැරෙන්න වෙන විකල්පයක් නැහැ. දරුවන්ගේ අනාගතය අඳුරු වේවි.
පසුගිය මැයි මාසයේ 13 දා රනිල්ව අගමැති තනතුරට පත්කරන විට ඔයාගේ මේ නීතිය තිබුණේ නැද්ද? නිකන් සවුත්තු වෙනවා මෝඩ ප්‍රශ්න අහලා..