(සුජිත් හේවාජුලිගේ )
රටේ පහළ ආදායම් සහිත පවුල් ලක්ෂ 17න් පවුල් ලක්ෂ නවයක් රටේ ආර්ථික අර්බුදය හේතුවෙන් එක වේලක් හෝ උපරිම වශයෙන් දෙකක් ගන්නා තත්වයට ඇද වැටී ඇතැයි කරුණු අධ්‍යයනයේදී පෙනී යන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට පැවැසීය.
මේ අතර රටේ ඉතා කුඩා පරිමාණ ව්‍යාපාර නවලක්ෂ තිස් පන් දහසෙන් දෙලක්ෂ අසූ දහසක් ආර්ථික අර්බුදය හේතුවෙන් වැසීගොස් ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
තවද කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර අසු එක් දහස් පන් සියයෙන් සියයට 20ක් එනම් දහසය දහස් තුන් සියයක්ද ආර්ථික අර්බුදය හේතුවෙන් වැසී යාමේ අවදානමකට ලක්ව ඇතැයි පැවසූ මහාචාර්යවරයා මෙම ව්‍යාපාර වැසී යෑමෙන් පුද්ගලයන් ලක්ෂ හතකට සෘජුවම රැකියා අහිමිවී ගොස් ඇති බවද ප්‍රකාශ කළේය.
මේ ව්‍යාපාරික ස්ථානවල ලක්ෂ තිහකට වැඩි පිරිසක් රැකියා කරන බවත් අමු ද්‍රව්‍ය මිල ඉහළ යෑම, ඉන්ධන හිඟය සහ සේවක පඩිනඩි ගෙවීමේ අපහසුතා යනාදී හේතු සැලකිල්ලට ගෙන එම ආයතන මෙසේ වැසී ගොස් ඇති බවත් මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුන්වේල කැවේ අපේ මුතුන් මිත්තන්... මීට මූලික හේතුව වී ඇත්තේ වෛද්‍ය උපදෙස්. දවල් ආහාර වේල අනිවාර්යයෙන්ම ගන්නවා.. උදෙත්, රාත්‍රියේත් ගන්නේ ඉතාමත් සැහැල්ලු ආහාරයක් මොකද සැහැල්ලු ආහාරයක් ගන්නේ කියලා වෛද්‍යවරයකු හමුවී දැනගන්න .
ආර්ඵික විද්‍යාව කියන්නේ මළ විෂයක්... දැන් ප්‍රශ්න විසඳන්න ඒකෙ න්‍යායන් ගැලපෙන්නේ නැහැ. ඒ නිසා තමයි වියත්මගේ මළ ආර්තික විද්‍යාකරයෝ මේ රට විනාශකළේ. කලමනාකරණ ප්‍රවේෂයකින් මේ ප්‍රශ්න සඳහා විසඳුම් සෙවිය යුතුයි.
ලක්ෂ්මන් කියලා කෙනෙක් ආර්ථිකය කෑවා. ආයෙත් මේ දේවල් තමයි උදාහරණයට ගත්තේ. පොතේ ගුරාලා පැදුරක් ගානේ ඇත. පොළවේ පයගහපු බුද්ධිමතුන් නොමැතිවීම අවාසනාවකි.
මෙයාට විකාර... දුප්පත් මිනිස්සු ආදි කාලයේ සිිට කෑවේ එක වේලයි..
දැන් ඕවා කියලා වැඩක් නෑ. ගොඩ එන විදියක් කිව්වා නම් නරකද?
අනේ පොතේගුරෝ ඕවා වැඩක් නැහැ... ඉලක්කම් කන්නද...? සැලසුමක් හදන්න මේ තත්වය නැතිකරන්න අපි නොදන්න ආචිචිගේ විද්‍යාව...!
මේ ආචාර්යවරු කියන දේ වැඩිය ගණන් ගත යුතු නැත. අසම්පූර්ණ කුඩා සාම්පල මත පදනම් වැරැදි නිගමන වලට එනවා. අනිත් අතට ලංකාවේ මිනිස්සු කියන්නේම බොරු. කන්න නම් නෑ. ඒත් දහස් ගණන් මුදල් නාස්ති කොට තෙල් මිලදී ගැනීමට දවස් ගණන් පෝලිම්වල සිටීමට ඔවුන්ට ශක්තිය ඇත...
මහාචාර්ය වුණාට දන්නේ නැහැ අද විද්‍යාත්මකව පෙන්නා දෙන්නේ, රාත්‍රී කෑම කාලා නිදා ගත්තම ඒවා දිරවන්නේ නැති බවයි. හේතුව ආමාශය ඇලට සිටිනවාලු. එයින් රෝග ඇතිවීමට හේතු වෙනවලු. හාමුදුරුවරුත් රෑට ආහාර නොගන්නේ ඒ නිසයි. නැවත ඉගෙන ගනිමුද...?