(සුජිත් හේවාජුලිගේ )
අරගල කරුවන් අතින් විනාශ වූ ජනාධිපති මන්දිරය ඇතුළු කොළඹ නගරයේ මන්දිර වල දේපළ සම්බන්ධයෙන් විගණනයක් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.
ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරයේ පෞරාණික දේපළ රැසක් විනාශ වී ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පසුගියදා තහවුරු කළහ. මෙම ක්‍රියාවන්ට සම්බන්ධ වූ පුද්ගලයන්ට එරෙහිව පුරාවිද්‍යා ආඥා පනත යටතේ නඩු පැවරීමටද අවශ්‍ය පියවර ගෙන ඇතැයි රජයේ ආරංචි මාර්ග වලින් පැවසේ.
එම විනාශයන් සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවද පසුගියදා පරීක්ෂණයක් ආරම්භ කළේය.
මන්දිරවල තිබී විනාශ වූ දේපළ අතර පෞරාණික වටිනාකම් සහිත ඒවා රැසක් වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලකයින්ගෙන් රටට වුණු විනාශය ගැන මුලින්ම විගණනය කරමු...
දේශපාලකයින් මේ රටට කළ විනාශය ගැන හොයන්ටත් ඔය උවමනාවම තිබ්බා නම් තමයි හොඳ...
රාජ්‍ය දේපල විනාශ කිරීම කවුරු කළත් සම්පූර්ණයෙන් වැරැදියි. හැබැයි ඉතින් දේපල විනාශය විගණනය කරන්න තියෙන හදිස්සිය දේශපාලකයින්වත් විගණනය කරන්න තිබුණා නම් තමයි වටින්නේ....
පෞරාණික දේවල් තිබිය යුත්තේ කටුගෙවල් වල මිස දේශපාලනේ නිලනිවෙස්වල නොවේ...
වැරදිකරුවන්ට නිසි දඬුවම් දිය යුතුමයි. එමෙන්ම විශ්වවිද්‍යාලවල තාප්ප, ගොඩනැගිලි සහ අනෙකුත් පොදු දේපළ විනාශ කරන සංස්කෘතියත් නැතිකළ යුතුයි. ඊට සුදුසුම ක්‍රමය වන්නේ විශ්වවිද්‍යාල පරිශ්‍රවල නඩත්තුව සඳහා සෑම ශිෂ්‍යයෙක්ගෙන්ම වසරක් පාසා යම්කිසි ගාස්තුවක් අය කිරීමයි. නොමිලේ ලැබෙන දේ වරප්‍රසාදයක් බවත්, අයිතිවාසිකම් සහ යුතුකම් යනු එකම කාසියේ දෙපැත්තක් බවත් තේරුම් ගත් ශිෂ්‍ය පරපුරක් බිහි කිරීමට දැන් කාලය එළඹ තිබේ.
රටට ලොකුම හානිය, ඕක තමයි වගේ ඕවායේ ලැගලා හිටපු උන්නැහේලා ගනිපු තීරණ නිසා රටම පෝලිම්වල, ඔය කියන බඩු කටුගේ තියන්න එපායැ එහෙනම්? අරගල කාරයින් කටුගෙට පැන්නේ නැහැනේ. හැබැයි ඔය මන්දිරවල හිටපු අය නම් කටුගෙට පැන්නා. ඒවා එහෙම්ම යට ගියා. අරගලකරුවන් මන්දිරවලට හානි කරන්න සැබෑ වුවමනාවක් තිබුණා නම් එය අල්ලාගත් වහාම කරනවා නේද? නමුත් ඕවා කළේ නරඹන්නෝ...!
අරගල කරුවන් මන්දිරවලට ගෙන්න ගත්තු අයට එරෙහිව පියවරක් නැද්ද...?
එම මන්දිරවල පුරාණ වටිනාකමක් ඇති භාණ්ඩ අස්ථාන ගතවූයේ ආර් ප්‍රේමදාස කාලයේ.
දේශපාලකයින් බිලියන ගණන් ගැහැව්වේ... ඒවා හොයන්න කවුරුවත් නැහැ.
රනිල් හදන්නේ ඕවා අරගල කරුවන්ගේ එකවුන්ට් එකට දාන්න.