(රෝහණ සමරවීර සහ ජයන්ත නානායක්කාර)
අරගල භූමියේදී යුද හමුදා සෙබළුන් සන්තකයේ තිබූ ස්වයංක්‍රීය අවි පැහැර ගැනීම බරපතල සිදුවිමක් එම අවි පාතාල කල්ලි අතට පත්වූවාද? මැර කණ්ඩායම් අතද ? කොයි අවස්ථාවේ කොහේදී ඒවා පත්තු වේද ? අරගලය වෙනතකට යොමුකළ බරපතල ප්‍රශ්නයක් යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ඇඹිලිපිටියේදී අනතුරු ඇඟවූහ.
අරගලයේ තරුණ තරුණියන් මෙන්ම සිවිල් වැසියන් හැම දෙනාම මේ කාරණාව සම්බන්ධයෙන් සිහි තබාගෙන ඉදිරි වැඩ කටයුතු කළ යුතුයි අතුරුදන් වූ අවි කවුරු වෙනුවෙන් පාව්ච්ච් කරාවිද අපිට තොරතුරු වාර්තා වෙන විදිහට අරගල කරුවන් අතර බිහිවී ඇති කණ්ඩායම් අතර වාදබේද මතවාද, පහරදීම්, ආරවුල් තිබෙනවා.
මෙවන් තත්ත්වයක් යටතේ නැතිවූ ආයුද ඒ ඒ නායකයන් වෙතට යොමු වෙයිද, අරගලයේම අය වෙත අරගලකරුවන් අතෙන්ම යොමු වෙයිද, එහෙම නැතිනම් යම් පාතාල කල්ලි කණ්ඩායම් අතට මෙම අවි පත්වෙලා මොනයම් හෝ අපරාධයක් සිදු කරයිද එම නිසා අනාගතය වෙනුවෙන් අරගලයේ යෙදී සිටින තරුණ තරුණියන් මේ අවස්ථාවේ සුපරික්ෂාකාරීම ඉවසීමෙන් කටයුතු කළ යුතුව තිබෙනවා.
ආයුද නැති වුණේ තවත් කුමන්ත්රණයක පියවරක් හැටියටද කියන්නත් බැහැ. එයට අපට පේන විසදුම තමයි ව්යවස්තාණුකූලව ප්‍රජාතන්ත්‍රවාදීව පාර්ලිමේන්තුවට වගකීම දීලා පාර්ලිමේන්තුව මගින් විසදුමක් ගමු කියන එක. අපේ අරගලයේ ශක්තිය පෙන්නුවා. ජනතාවගේ බල පරාක්‍රමය පෙන්නුවා. ජනතා පරමාධිපත්‍ය ප්‍රදර්ශනය කළා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා ප්රභාකරන් දළදාවට බෝම්බ ගැස්සුවා...... අද චීවරයක් ඇඳගන් මේ සෝභිත බුදුසසුණටම බෝම්බ ගැහුවා..... එයින් පසු තෙරුවන් කියන " බුද්ධ-ධම්ම-සංඝ " දෙරුවන් වන " බුද්ධ-ධම්ම " තත්වයට පත්වුනා...
මෙම භයානක තත්වයට තලු මර මර පෝර දාපු ඔබවහන්සේ දැන් මේ මොනවාද වදාරන්නේ? චම්පික රණවක රජ කරන්නට දත කන ඔබවහන්සේ ගැන රට දනිති.
දැන්වත් දේශපාලනයෙන් ඉවත් වී, බුදුන් වදාළ ලෙස මහණ දම් පුරන්න.
බෞද්ධයාට වැදගත්ම වන වෙසක් පොසොන් ඇසළ පෝයවල පෙළපාළි පෙරහැරේ ඉදිරියෙන්ම ගිහිල්ලා සද්ධ පතුරවලා කසය සැරටම වනලා උසි ගන්වපු මේ අන්තෝ ජටා බජි ජටාව..!
රාජපක්ෂලා එලවීම හැර එම ක්‍රියාවලියේ ප්‍රථිවිපාක නොදුටු හරකුන්ටම එම අවි පත්තුවේවා......................
තමන්ගේ ඊනියා මතයන් ගොඩ ගැනීම සඳහා යක්කුන්ගෙන් වැඩ ගන්න ගියාම මෙහෙම තමයි වෙන්නේ...මේ මහ විනාශයට ඔබ වහන්සේද වගකිය යුතුවේ..
අරගලයට විටක න්‍යයාචාර්ය වන සෝහිත මැතිහිමි විටක පරිබාහිර නිරීක්ෂකයෙකු පමණි.අවස්ථාවාදයට තවත් ආචාර්ය උපාධියක් ලැබීය යුතු ය.
මෙිකා මහණ උනාවත්ද
කාදිනල් මොහොමඩ් ඝෝභිත හොදටම බයවෙලා.
අරගලේ ලොක්කා හොදටම් බයවෙලා.
සදුල ටික පොලිටික්ස් වලට පාර්ලිමන්ට් ගෙනල්ල අපහාස විදින්න සලස්සල කරන්න තියෙන ඔක්කොම කරලා රට ගිනිතියල දැන් එනවා බන දෙසන්න.කරුණාකරලා අපිට පව් නොදීයන්න.මං කතෝලික.එත් බුද්දාගමට ගරු කරනවා.
පාතාලයා කට අරී.
සෝභිත හිමි මහණ කරන්න මැදිහත් වන්නට කාරුණික වන්න .
රටෙ ලේ වැගිරීම් ඇති උනොත් සොබිත් හිම්ත් කර්දිනල් තුමාත් අනිකුත් අග්මික නායකන්ද වගකිවයුතුයි
ඔය දෙන්නා තමා මිනිස්සුන්ව ඔය තැනට තල්ලූ කලේ....දැන් සැපද?.......
ඔය සිදු වූයෙත් වෙමින් පවතින්නේත් කුමන්ත්‍රණ තමයි .ප්‍රතිපල ඉදිරි කාලයේ දී .එයට බාද වූ කෙනා පිට කර අවසානය
රනිල් මිනිස්සු දම්මලා ඒ වැඩේ කරවලා,අරගලය පිටින් යවනව.අපි නොදන්නා රනිල්.තමුන්ගේ ගෙට තමුන්ම ගිනි තියාගත්ත එකානේ...
රට විනාශ වුණා නේද කරපු වැඩෙන් අපේ හාමුදුරුවනේ...?
ආඋද පැහැර ගැනීම කුමන්ත්‍රණයක් ම විය හැකි ය .එම ආයුධ පාවිච්චි කර අඅරගලය තුලම යම් අපරාධයක් කර එය කරුවන්ගේ ගිණුමටම බැර කිරීමට ඉඩ ඇත
අන්න කුරුන්දි විහාරය කඩනවලු... මොකක් හරි කරන්න බලන්න...!
දැන්වත් දේශපාලනයේ නිරතවීම පසෙකලා මහණ දම් පුරනු මැන.
පිස්සු කෙලින්නේ නැතුව ඉන්න හාමුදුරුවනේ. අන්න ආයුධ ටික තියෙනව බටලන්දේ
මේ රට මේ තත්වයට ඇද දමන්න ඔබ හා කාදිනල් හිමිද හවුල්කරුවන් බව මතක තබාගන්න
අහිංසක කොල්ලන්ව අවුස්සල රටම ගිනිතියන අරාජික තත්වයකට ඇද දමා වැඩ වැරදුණු පසුව මේ වගේ ප්‍රකාශ කරන මුල අමතක අධමයින්ට තවත් අහුවෙන්න එප්ස දරුවනේ!
ගිණි තියලා,අවුළුවලා, දැන් නිවෙන්නලු. සිංහල බෞද්ධ බලය අවසන් කිව්වේ කටින්ද අදොමුකයෙන්ද? කර්මය ගැන සිවුරේ ඉන්න ඔබ වහන්සේ දන්නවා ඇතිනේ අපිට වඩා!
මෙය හුදෙක් සිංහල බෞද්ධ බලවේග වල ශක්තිය අවම කිරීමට ගත් දේශදෙුා්හී පියවරක් . අරගලයෙන් ඊනියා විමුක්තිකාමීන් බිහිවිය. බුද්ධ චීවරයට මුවාවී පරගැතිකම් කරමින් රටත් ජාතියත් ආගමත් විකුණාගෙන කන තක්කඩියන්ට පාඩම් කියාදෙන දවස වැඩි ඈතක නැ. නැතිවූ අවි මුන් වැනි අයවෙත එල්ලවිය යුතුමය.
නැහැ හාමුදුරුවනේ මේක තනිකරම බිත්තර සෙනදිපත්ගේ රනිල්ගේ කුමන්ත්‍රණයක් මේ කරන්න හදන්නෙ අතිශය බිහිසුණු අපරාදයක්...
රට ගිනි තියපු එකට සෝබිත හාමුදුරුවො එක වග උත්තරකාරයෙක්. කාදිනල් එක්ක එකතුවෙලා හිටියෙ. උන්ට පටන් ගන්න කියලා දන් මොකුත් නොදන්න විදියට රටට පෙන්වනවා. බුද්ධාගම ගැනත් මෙයාගෙ ප්‍රතිචාර අපි දැක්ක.. කවුද දන්නෙ ඔය ආයුධ නැතිඋන එකගැනත් එයා දන්නවද කියලා. කලින්ම දේශපාලනයෙන් අයින් උනා නම් පංසලට වෙලා ඉන්නෙ නැතිව තවත් මොන මඟුලකටද මේවට ඔලුව දාන්නෙ.
රට අරාජිකත්වවයට ගිනියන කාදිනල්ගෙ ගෝලය.අරන්තලාවෙ හාමුදුරුවන් ඝාතනය කරනකොට මේ ජෝඩුව ඉපදිලා ඉන්න නැතුව ඇති. කියනවනම් තවත් ඕන තරම් ........
ඕක අරගලය මුවාවෙන් සැලසුම් සහගතව කල දෙයක් වෙන්න ඕනේ. වෙන හැම තැනම වීඩියෝ කරද්දී මෙතන වීඩියෝ නැති හේතුව කුමක්ද? ඇල්පෙනිති දෙකක් නෙවෙයි නෙ පැහැරගෙන තියෙන්නේ? ආයුධ සාක්කුවේ දාගෙන යන්න පුළුවන් ද? පොලීසිය මෙච්චර දරුණු දෙයක් ගැන උනන්දුවක් නැත්තේ ඇයි කියලා යි අපිට තියෙන ප්‍රශ්නෙ. කව්රු උනත් කලේ වරදක් නිසා අනිවාර්යයෙන්ම පරීක්ෂණ කලයුතුය. රජය උසාවි නියෝග ගන්නවා වගේ මේ පිළිබඳව ත් සොයා බලන්න එපායැ.