
(අංජුල මහික වීරරත්න)
ඉන්දීය රජය විසින් මෙරටට ලබා දෙන ලද යුරියා පොහොර තොග බෙදාහැරීම මේ වනවිට ඉතාමත් සාර්ථකව සිදු කරන බව ගොවිජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයට යුරියා පොහොර මෙට්‍රික් ටොන් 102.5ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයට මෙට්‍රික් ටොන්196.84ක්, මොනරාගල දිස්ත්‍රික්කයට මෙට්‍රික් ටොන් 63ක්, හා මාතලේ දිස්ත්‍රික්කයට මෙට්‍රික් ටොන් 25ක් ද වශයෙන් සපයනු ලැබ තිබේ.
ඉදිරි දින කිහිපය පුරාම පොහොර බෙදාහැරීමේ කටයුතු සිදු කෙරෙන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. මෙම පොහොර බෙදාහැරීම් කටයුතු රජයට අයත් පොහොර සමාගම් දෙක වන ලංකා පොහොර සමාගම හා ලංකා කොමර්ෂල් පොහොර සමාගම විසින් සිදු කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට තාම පොහොර නෑ. බඩඉරිඟු අපේ පොඩි පැළ තමයි.
අපේ රටට මේ වගේ තත්වයක් උදාවෙන්න හේතුව බක පණ්ඩිත නිලධාරීන් තමන් පුද්ගලික ඇජෙන්ඩා වලට වැඩකරන නිසා. බලන්න රටෙන් සැලකිය යුතු සහල් ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අම්පාර දිස්තික්කයට කිසිම සැලකිල්ලක් දක්වලා තියනවාද කියලා...!