
(අංජුල මහික වීරරත්න)
සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීම සඳහා සියලු කටයුතු සම්බන්ධීකරණය කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට උපදෙස් දුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන් වැඩබලන ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව වැඩබලන ජනාධිපතිවරයා අධිකරණ ඇමතිවරයාට අදාළ උපදෙස් ලබා දී ඇත.
මෙහිදී වැඩබලන ජනාධිපති වරයා පවසා ඇත්තේ අවශ්‍ය ලිපි ලේඛන සකස් කොට නීතිපතිවරයාට සහ අගවිනිසුරුවරයා ට බාර දෙන ලෙසයි.
ඒ අනුව ඉතා කඩිනමින් රන්ජන් රාමනායක මහතාට නිදහස ලැබෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අල්ලස් හෝ දූෂණ කමිෂන් එක විසින් විභාග කළ යුතුය. රංජන්ට නිදහස ලැබිය යුතු නමුත් රනිල් විසින් කරන්න උත්සාහ කරන්නේ ඔහු වැඩබලන ජනාධිපති තනතුරේ ඉඳගෙන ඊළඟ ජනාධිපති වීමට ඡන්දයක් ඉල්ලන අවස්ථාවේ මේක ඔහුගේ ඡන්දයට විශාල බලපෑමක් කළ හැකි දෙයක්... එබැවින් මේක අනිවාර්යයෙන්ම පරීක්ෂන කළ යුතුයි.
අපරාදෙ කියන්න බැහැ... තමතමන්ගේ හිරකාරයින් නිදහස් කරගන්න එක නම් හැම ජනාධිපතිම අඩු නැතිව කරගන්නවා.
ඒක හොඳයි... මිනිස්සුන්ගේ හදවතේ ඉන්න වීරයෙක් තමයි.. රංජන් රනිල්ට ආවතේවවත් කරන්න පුළුවන් නම් හොඳයි...
වැඩබලන ජනාධිපති කියන්නේ පූර්ණ බලය සහිත කියන එක නෙමෙයි. මේ වෙලාවේ ඔහුගේ කාර්යය විය යුත්තේ පවතින ව්‍යාකූල තත්වය පාලනය කිරිම මිස වෙනත් කරුණුවලට ප්‍රමුඛත්වය දීම නොවේ...
රංජන් මහතා නිදහස් කිරීම ඉතාම ඉතාම හොඳ වැඩක්...
ලංකාවේ මිනිස්සු රැවටිලා ඉන්න තවත් එක හිස් බඳුනක් තමයි රංජන් කියන්නේ... කවදාවත් ලංකාවේ මිනිස්සු හැදෙන්නේ නැහැ. කාලයක් තාප්පවල චිත්‍ර ඇන්දා. දැන් තව එකක්...
රන්ජන් රාමනායක නිදහස් කළයුතු නිදහස් වීම අප සැමගේ බලපොරොත්තුව නමුත්, මින් ඉදිරියට අධිකරණයකින් වරදකරුවන්වූ කිසිවකු ජනාධිපතිවරයා විසින් නිදොස්කර නිදහස් කිරීම රටක නායකයකු විසින් නොකළ යුතුවේ. එසේ එක පුද්ගලයකු වෙනුවෙන් රටේ නායකයා මැදිහත් වන්නේ නම් / නිදහස් කරන්නේ නම් අනෙක් වරදකරුවන් හටද සාධාරණත්වයක් ඉටුවිය යුතුවේ. සැමට නීතිය ක්‍රියාත්මක කරන්නේ නම් සෑම සිරකරුවකුම මනුෂ්‍යයකු වශයෙන් සැලකීමක් කරන්නේ නම් එක පුදගලයකු වෙනුවෙන් නීතිය වෙනස් කිරීමක් හෝ නීතිය නැවීමක් නොකළ යුතුවේ. ජනප්‍රිය පුද්ගලයකු නිසාවෙන් එක සිරකරුවකුට එසේ නොකළ යුතුවේ. රන්ජන් රාමනායක නිදහස් වීමට අවශ්‍ය නම්, ඔහු වැරැදි කර නැතිනම් ඔහු නිවැරැදි පුද්ගලයකු වශයෙන් සිරගත කර තිබේ නම් ඔහුගේ නීතිවේදීන් මේ පිළිබඳව සොයාබලා කටයුතු කළ යුතුවේ. දේශපාලනය, දේශපාලන නායකයන් අධිකරණ කටයුතු සඳහා මැදිහත් නොවිය යුතුවේ.
නීතිය නැවීම මේ රටේ ජනාධිපතිවරු විසින් එළිපිට කරන දෙයක්. අද අරගල සිදුවන්නේ මෙවැනි නාඩගම් නවැත්වීමටයි...
මෙය නොකළ යුතු දෙයක්... අධිකරණය හෑල්ලුවට ලක්කිරීමක්... අඩු තරමින් ඔහු ජනාධිපති සමාව ඉල්ලිය යුතුයි. නිසි ක්‍රමවේදය අනුගමනය කළ යුතුයි...
රංජන් රාමනායක මැතිතුමා ඉක්මණින් නිදහස් කරන මෙන් රනිල් ජනාධිපතිතුමාට බෙහෙවින් ස්තුති වෙමි. මෙය ලොකුම ලොකු පිනක්..
මේ ගොයියාට නිදහස දෙන්න එපා. එසේනම් සිරගෙදර ඉන්න සියලුදෙනාටම නිදහස දෙන්න. නිදහස දෙන්න හදන්නේ මොන පදනමක් යටතේද?
එතකොට දුමින්ද සිල්වා...?
රන්ජන් ඉක්මනින් නිදහස් කළයුතුයි.
ජනතාවගේ ප්‍රශ්න 3/4 කට විසඳුම්... ස්තුතියි ගේ කුරුල්ලාණෙනි,
බයියන්ට දැන් සැපද?
නියමයි, විය යුතු දෙය එයයි.. සුපිරියි.!