විමල්ට එරෙහි නඩුවක් පෙබරවාරි 28ට කල්යයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රජයේ සේවකයින් වශයෙන් අර්ථකථනය කර නොමැති හෙයින් අල්ලස් පනත යටතේ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව නඩු පැවරීමට නොහැකි බවට ඉදිරිපත් කළ මූලික විරෝධතාවය සම්බන්ධයෙන් තීන්දුව පෙබරවාරි 28 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (16) දින නියම කළේය. 16 January 2023
අන්තරේ පා ගමන බම්බලපිටියෙන් අරඹයි වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙසට හා ත්‍රස්ත පනත අහෝසි කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල විසින් සංවිධානය කළ විරෝධතා පා ගමන් බම්බලපිටියේ සිට ආරම්භ කර ඇත. 16 January 2023
මැතිවරණයක් ඉල්ලීම කාලකන්නි හැඟීමක් මේ මොහොතේ මැතිවරණයක් ඉල්ලමින් හඬ තැලීම කාලකන්නි හැඟීමක් බව ජනතාව තේරුම් ගත යුතු යැයි ජනාධිපති වෘත්තිය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය. 16 January 2023
පරිපාලන ලේකම් අධිකරණයට ගෙනආ යුතුයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා පළාත් පාලන මැතිවරණයට ඇප භාරනොගන්නා ලෙස කළ නියෝගය හිස් නියෝගයක් වුවද එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමුඅමුවේ උල්ලංගණ කිරීමක් බවත් ඔහු රටේ කීර්තිනාමයට කළ විනාශ පිළිබඳව ‘මහජන ආරක්ෂක’ නඩු නිමිතක් ආරම්භ කිරීමට සූදානම් බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (16) පැවසීය. 16 January 2023
චීන නියෝජිතයෝ මහින්ද හමුවෙති ශ්‍රී ලංකාවට පැමිණ සිටින චීන කොම්යුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය චෙන් ෂු මහතාගේ නායකත්වයෙන් යුතු නියෝජිත පිරිස සහ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ (15) හමුවක් පැවැත්වුණ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. 16 January 2023
බාල සිරින්ජර ගෙනවිත් කෝටි 2ක් වතුරේ චීනයෙන් ආනයනය කර වෛද්‍ය සැපයුම් අංශයට සපයා තිබූ සිරින්ජර( Hypodermic syringes 5ml and 10ml) ලක්ෂ 60 ක ප්‍රමාණයක් තත්වයෙන් අසමත්වීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට රුපියල් කෝටි දෙකකට ආසන්න පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ. 16 January 2023
සුපුරුදු විදුලි කප්පාදුව හෙට සහ අනිද්දාත් පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් හෙට සහ අනිද්දා (17 සහ 18) දෙදින ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (16) පැවසීය. 16 January 2023
බිලියනපතියන්ගේ ධනය ඉහළ යාමෙන් දුප්පතුන් පීඩාවට ලෝකයේ සිටින බිලියනපතියන්ගේ ධනය දිනකට ඇමෙරිකානු ඩොලර් 2.7 කින් ඉහළ යන බව ඔක්ස්ෆෑම් සංවිධානය නිකුත් කළ නවතම වාර්තාව පෙන්වා දෙයි. 16 January 2023
චීන ඉන්ධන ගොවින්ට බෙදීම අරඹයි චීන රජයෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා දුන් ඩීසල් ලීටර් මිලියන 6.8ක් ගොවි ජනතාව වෙත බෙදා හැරීම ඇරැඹූ බව ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එච්.එම් ඒ. එල්.අබේරත්න මහතා පැවසීය. 16 January 2023
’’අලි පොහොට්ටු මගුල රටට අවමඟුලක් වෙලා’’ සියලු කොටස් එකතු කරගෙන දෙවෙනි අරගලය ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. 16 January 2023
හොර ස්ටිකර් ගසා මත්වතුර විකුණන ජාවාරමක් රජයට රුපියල් කෝටි ගණනක බදු මුදල් නොගෙවා ජාවාරම්කරුවන් පිරිසක් විසින් අලෙවි කිරීමට සූදානම් කර තිබූ ව්‍යාජ ආරක්ෂික ස්ටිකර් ඇලවූ තත්වයෙන් බාල මත්පැන් බෝතල් තොගයක් සොයාගත් බව සුරාබදු දෙපාර්තුමේන්තුව සඳහන් කරයි. 16 January 2023
ඉදිරි ඡන්දයට පාඨලී වෙල්ගම එක්වෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා නායකත්වය දරණ 43 වන සේනාංකය සහ කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී එක්ව තරඟ කිරීමට තීරණය කර ඇත. 16 January 2023
ඡන්ද වියදම් පනත් විවාදය ගැන තවම තීරණයක් නෑ විවිධ අදහස් හේතුවෙන් මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගන්නා දිනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගැනීමට හැකිවී නැතැයි වාර්තා වේ. 16 January 2023
ඉංගිරියේ අනතුරින් තරුණයෝ දෙකක් මරුට ඉංගිරියේ පැවති සැණකෙළියක් නරඹා ආපසු යමින් සිටි තිදෙනකු රැගත් යතුරු පැදියක් සහ වෑන් රථයක් ඉංගිරිය පාදුක්ක මාර්ගයේ රයිගම් වත්ත ප්‍රදේශයේ දී අද අලුයම මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි ඉංගිරිය පොලීසිය කියයි. 16 January 2023
උද්ධමනය සියයට 106 දක්වා ඉහළට ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කේ මහතාගේ උද්ධමනය පිළිබඳ නවතම දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථානයක් පහළට පැමිණෙමින් ලෝකයේ උද්ධමනය වැඩිම රටවල් අතර පස්වන ස්ථානය ලබාගෙන ඇත. පසුගිය දර්ශකයේ ශ්‍රී ලංකාවට හතරවෙනි ස්ථානය හිමිවී තිබුණි. 16 January 2023
’’රාජ්‍ය නිලධාරීන් වැඩ නොකලාම බැනුම් අහන්නෙ අපි’’ රාජ්‍ය නිලධාරීන් වැඩ නොකරන විට දේශපාලනඥයින්ට මහජනතාව දොස් නගන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 16 January 2023
තල් ගෙඩියේ වංහුං සොයන්න සරසවි සිසුවෝ යාපනයට සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට යාපනය කයිතඩි තල් පර්යේෂණායතනයේ නේවාසික පුහුණුව ලබාදීමට තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ මහතා තීරණය කර ඇත. 16 January 2023
ජයිශංකර්ගේ ආගමනයෙන් ලංකාවට කොළ එළියක් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී මෙරට අවශ්‍යතාවයන්ට ඉන්දියාවෙන් ධනාත්මක පිළිතුරක් ලැබෙනු ඇතැයි ඉන්දීය රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ’’ද හින්දු’’ පුවත්පත වාර්තා කර ඇත. 16 January 2023
ඡන්දෙ කල් දැමීම පරදන්න කොන්දේසි විරහිතව පෙනී ඉන්නවා ආණ්ඩුව විසින් මැතිවරණය කල් දැමීමට ගන්නා සියලු උත්සාහයන් පරාජය කිරීමට කොන්දේසි විරහිතව පෙනී සිටින බව ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය නිවෙිදනයක් නිකුත් කරමින් පවසයි . 16 January 2023
රජයේ පඩි වාර දෙකකට රජයේ ආයතනවල මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධාරින්ගේ වැටුප් වෙන වෙනම (අවස්ථා දෙකකදී) ගෙවීමට මහ භාණ්ඩාගාරය තීරණය කර ඇත. 16 January 2023
එජාපය ගාල්ලට ඇප බඳී එක්සත් ජාතික පක්ෂය ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල මහා නගර සභාව ඇතුලු ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 20ට ම තරඟ වැදීම සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. 16 January 2023
දඩ ගසා 70 ලක්ෂයක් උපයයි වනජීවි දෙපාර්තමේන්තුව විසින් 2022 වසරේ දී රුපියල් හැත්තෑලක්ෂයක මුදලක් දඩමුදල් වශයෙන් උපයාගෙන ඇති බව අමාත්‍යාංශය පවසයි. 16 January 2023
සුමාත්‍රා වෙරළ ආසන්නයේ භූ කම්පනයක් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ වෙරළට ඔබ්බෙන් වු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 6.0 ක ප්‍රබලත්වයකින් යුත් භූමි කම්පාවක් අද(16) උදෑසන හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 16 January 2023
තලවකැලේ වතු නිවාස පෙළක් ගිනි ගනියි වතු කම්කරුවන් තෛපොංගල් උත්සවය සමරමින් සිටියදි තලවකැලේ, මිඩ්ල්ටන් වතුයායේ වතු නිවාස පෙළක ඇති වු ගින්නකින් වතු නිවාස 12ක් ඊයේ (15) රාත්‍රියේ විනාශයට පත්ව ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි. 16 January 2023
පළාත් රැසකට වැසි දකුණ, සබරගමුව, ඌව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල අද (16) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 16 January 2023
මාවනැල්ලේ දිත්ව ඝාතනයට දෙකක් සැකපිට මාවනැල්ල ප්‍රදේශයේ දී තරුණයන් දෙදෙනකුට අමානුෂික ලෙස වද දී ඝාතනය කර වළ දැමීමට සම්බන්ධ බව කියන පුද්ගලයෝ දෙදෙනෙක් කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 16 January 2023
මෙහෙකාර කතගේ පිහි පහරින් ස්වාමි දියණියට මරටු වැල්ලම්පිටිය ලංසියාවත්ත ප්‍රදේශයේ නිවසක මෙහෙකාරියක් වශයෙන් කටයුතු කළ කාන්තාවක් එම නිවෙස් හිමි කාන්තාවකට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි වැල්ලම්පිටිය පොලීසිය කියයි. 16 January 2023
එස්.ටී.එෆ් සෙබලා සහ තවත් අයෙක් ඝාතනය කරලා පොලිස් විශේෂ කාර්ය බළකායේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු සහ ඔහුගේ මිතුරකුට ඊයේ රාත්‍රී පුද්ගලයන් දෙදෙනක මන්නා පිහිවලින් කපා කොටා ඝාතනය කර පලා ගොස් ඇතැයි ගිරිඋල්ල පොලීසිය සඳහන් කරයි. 16 January 2023
දිය නාමින් සිටි ගැටව් දෙන්නාට පී.සී කැතවැඩක් කරලා දිය නාමින් සිටි පිරිමි ළමයන් දෙදෙනකුට ලිංගික අතවර කළැයි කියන පොලිස්සැරයන්වරයකු අද (16) අලුයම අත් අඩංගුවට ගත් බව වලස්මුල්ල පොලිසිය පවසයි. 16 January 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026