IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


මාවනැල්ලේ දිත්ව ඝාතනයට දෙකක් සැකපිට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය සහ ඉන්දිකා රාමනායක)

මාවනැල්ල ප්‍රදේශයේ දී තරුණයන් දෙදෙනකුට අමානුෂික ලෙස වද දී ඝාතනය කර වළ දැමීමට සම්බන්ධ බව කියන පුද්ගලයෝ දෙදෙනෙක් කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

මාවනැල්ල සහ වැලිඔය යන ප්‍රදේශවලදී මොවුන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

ඝාතනය ලක් වූ තරුණයකුට අයත් යතුරු පැදිය සහ එහි ලියකියවිලි වැලිඔය ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ නිවසේ සඟවා තිබියදී පොලිස් බාරයට ගෙන ඇත.

මෙම තරුණයන් දෙදෙනා ඝාතනය කර වළ දැමීමේ සිද්ධියට මාවනැල්ල ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන පුද්ගලයකු සහ ඔහුගේ ගෝලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝලයන් යැයි පොලිසිය පවසයි.

 



අදහස් (0)

මාවනැල්ලේ දිත්ව ඝාතනයට දෙකක් සැකපිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 296 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 646 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site