
(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා නායකත්වය දරණ 43 වන සේනාංකය සහ කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී එක්ව තරඟ කිරීමට තීරණය කර ඇත.
ඒ සඳහා වන ගිවිසුමකට ද පාඨලී චම්පික රණවක මහතා සහ කුමාර වෙල්ගම මහතා අද (16) අත්සන් තැබීය.
තම කණ්ඩායම් දෙක එක්ව පළාත් පාලන ආයතන කිහිපයකට තරඟ කරන බවත්, තවත් ආයතනවලට ස්වාධීනව අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් පාඨලී චම්පික රණවක මහතා මෙහිදී පැවසීය.
‘හෙලිකොප්ටරය’ ලකුණින් තරඟ කරන නිදහස් ජනතා සන්ධානයට ද සුබ පතන බව කී රණවක මහතා ඔවුන් සමඟ ද සාකච්ඡා කළ නමුත් යම් යම් කරුණු සම්බන්ධයෙන් එකඟතාවට පත්වීමට නොහැකිවීම නිසා වෙනම තරඟ කිරීමට තීරණය කළ බව සඳහන් කළේය.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී පොදු සතුරා විය යුත්තේ රට බංකොලොත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත්, සෙසු සියලු කණ්ඩායම්වලට සුබපතන බවත් හෙතෙම කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ද මෙහිදී පැවසුවේ නිදහස් ජනතා සන්ධානයේ සිටින්නේ තම සහෝදර මන්ත්‍රීවරුන් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බකමූණන් දැක ඇත.! සජබයේ තනිව තරග කරන එක හොඳයි...! හොරු, කපටියෝ, ඩීල් කාරයින් නැතිව...
පොහොට්ටුවේ සහ එක්සත් ජාතික පක්ෂයේ සමහර උදවිය කියනවා නේද ඡන්ද තියන්න සල්ලි නැහැ කියලා. මේ සන්ධානවලට ඇප මුදලුත් නැති වෙනවා. මේ සල්ලිත් මැතිවරණ කොමිසමට ඉතුරු කරගන්න පුළුවන්....!
මේ දෙන්නාම පාර්ලිමේන්තුවේ වෙනත් පක්ෂ දෙකක පිහිටෙන්... ඊටපස්සේ දෙන්නාටම අං එනවා. අං ආවාම තමන් ගැන තියෙන මහා අධිතක්සේරුවෙන් නගින්න දුන්නු ඉනිමගට පයින් ගහලා වෙනම සංවිධාන පිහිටුවලා, අධිතක්සේරුව උන්මාදයක් වෙලා මේ හදන්නේ කෙළවාගන්න.
අලි, පොහොට්ටු වගේම කෝච්චි සහ ඩිෆෙන්ඩරුත් ගැලපෙනවා....
එහෙට මෙහෙට පැන පැන මේ කරන නාඩගම් බලපෙරේතකම මිසක් රටට ඇති ආදරේට නෙවෙයි. මෙයා ඔය ප්‍රධාන පක්ෂ දෙකේමත් හිටියනේ... ඒ කාලේ එයාලා හොඳයි..
මෙයා ගියා කියලා මෙයා හිටිය පක්ෂයකට පාඩුවක් හෝ මෙයා යන පක්ෂයට වාසියක් වෙන්නේ නැත. කෙටි මාර්ග හොයමින් බලපෙරේතකමට දඟලන දැඟලිල්ලක්...
චම්පික මේ ඡන්දෙන් හේදෙන්න පරදින එක නම් ෂුවර්. පසුව නැවත සජිත්ට එකතු වෙනවා.
පාටලී චම්පක මහතාගේ වසර ගනනක දේශපාලන පෞරුෂවය තවත් දූෂිතයෙකු ඉදිරියේ පාවාදී ඇත.
දෙදෙනාම තම තමාගේ තරම දැනගත හැකි වනු ඇත.
අයියෝ සාමි වෙල්ගම ත් කරගත්තු වින්නැහියක්