(අංජුල මහික වීරරත්න)

මේ මොහොතේ මැතිවරණයක් ඉල්ලමින් හඬ තැලීම කාලකන්නි හැඟීමක් බව ජනතාව තේරුම් ගත යුතු යැයි ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

දැන් අංක එක විය යුත්තේ බංකොලොත් භාවයට පත්වූ රට එයින් මුදා ගැනීම බව කී රත්නප්‍රිය මහතා බංකොලොත් වූ රටක  මැතිවරණයකට  වියදම් කිරීම ප්‍රශ්නයක් බව සියලු දෙනා අවබෝධ කර ගත යුතුව තිබෙන බව පැවසීය.

පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී සමන් රත්නප්‍රිය මහතා මෙි බව කීය.