(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)
පොලිස් විශේෂ කාර්ය බළකායේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු සහ ඔහුගේ මිතුරකුට ඊයේ රාත්‍රී පුද්ගලයන් දෙදෙනක මන්නා පිහිවලින් කපා කොටා ඝාතනය කර පලා ගොස් ඇතැයි ගිරිඋල්ල පොලීසිය සඳහන් කරයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ දඹදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි හතළිස් එක් හැවිරිදි ඉෂාර මහේෂ් බණ්ඩාර නමැති පොලිස් සැරයන්වරයා සහ ඔහුගේ මිතුරෙකු වන 38 හැවිරිදි කසුන් පුෂ්පකුමාර යන අය වෙති.
පොලිස් සැරයන් මහේෂ් 28704මහතා ගෝනහේන කඳවුරට අනුයුක්තව කුරුණෑගල රත්ගල්ල විශේෂ කාර්ය බළකා කඳවුරේ රාජකාරි කරමින් සිටි අයකු බව ගිරිඋල්ල පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මොවුන් දෙදෙනා කඩු වලින් කපා කොටා පලා ගොස් ඇති අතර ඔවුන් දෙදෙනා දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මෙම ද්විත්ව ඝාතනය සිදුකිරීමට කට කබරයා නමින් හැඳින්වෙන පුද්ගලයකු සහ තවත් අයකු පැමිණ ඇති බවට පොලීසියට පොලීසියට තොරතුරු ලැබී ඇතැයි කියති.
ගිරිඋල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පලාගිය සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ පොලීසිය අපරාධ කරූවන් හඳුන්වන්නේ අන්වර්ථ නාම වලින්ම පමණද? ජනතාව අතර මේක සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවනි. ඒත් නීතිමය අතින් එහෙම වෙන්න පුළුවන්ද. අපරාධ කරුවකු වුනත් සැකකරුවකු පමණක්ම සහ ඔවුන්ටත් ආත්ම ගෞරවයක් තිබිය යුතුය.