(අංජුල මහික වීරරත්න)
වනජීවි දෙපාර්තමේන්තුව විසින් 2022 වසරේ දී රුපියල් හැත්තෑලක්ෂයක මුදලක් දඩමුදල් වශයෙන් උපයාගෙන ඇති බව අමාත්‍යාංශය පවසයි.
පුද්ගලයින් වනාන්තරයට හා වනජීවීන්ට සිදු කරන හානි සඳහා නඩු පැවරීම මගින් මෙම මුදල අය කර ගෙන තිබේ.
එමෙන්ම 2022 වසරේ නොවැම්බර් මාසය වනවිට වනජීවී දෙපාර්තමේන්තුව උපයා ඇති සමස්ත ආදායම රුපියල් මිලියන 1421කි. මින් වැඩි මුදලක් උපයා තිබෙන්නේ බලපත්‍ර ගාස්තු අය කිරීම මගිනි.
කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවී දෙපාර්තමේන්තුව සමග සිදු කළ සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය විය.
මෙම වසර ඇතුලත යාල ජාතික වනෝද්‍යානය මෙන්ම විල්පත්තුව හා වස්ගමුව ජාතික වනෝද්‍යාන සඳහා විදේශ සංචාරක ආකර්ශනය දිනා ගැනීමේ වැඩ සටහන් ආරම්භ කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දුන්නේය.
මේ දිනවල විදේශීය සංචාරකයින් බහුල වශයෙන් නැවතත් මෙරටට පැමිණෙන බැවින් ජාතික වනෝද්‍යානවලට ඔවුන් පැමිණෙන අවස්ථාවල දී ප්‍රමාදයකින් තොරව ප්‍රවේශපත් නිකුත් කිරීම සඳහා අතිරේක ප්‍රවේශපත් කවුළු විවෘත කිරීමට පියවර ගන්නා ලෙසත් එමගින් සිදුවන ප්‍රමාදයන් වලක්වා ගැනීම සඳහාත් පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමු දළු සඳහාත්, රබර් සඳහාත් අඩුම මිලක් ගෙවා කුඩා තේවතු හිමියන්ට හා රබර් වගවගාකරුවන්ගෙන් කොපමණ දඩයක් අයකර ගන්නවද කියලා කියන්න...