ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ වෙරළට ඔබ්බෙන් වු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 6.0 ක ප්‍රබලත්වයකින් යුත් භූමි කම්පාවක් අද(16) උදෑසන හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
භූමි කම්පාවේ අපිකේන්ද්‍රය සිංග්කිල් නගරයට කිලෝමීටර 48 ක් ගිනිකොණින් බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසා තිබේ.එරට වේලාවෙන් පෙරවරු 6.30 ට පමණ භූමි කම්පාව සිදුව ඇති අතර මෙතෙක් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවත් ජීවිත හානි හෝ දේපළ හානි මෙතෙක් ඉන් වාර්තා වී නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd