
(විමුක්ති එස් රුද්‍රිගු)
ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කේ මහතාගේ උද්ධමනය පිළිබඳ නවතම දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථානයක් පහළට පැමිණෙමින් ලෝකයේ උද්ධමනය වැඩිම රටවල් අතර පස්වන ස්ථානය ලබාගෙන ඇත. පසුගිය දර්ශකයේ ශ්‍රී ලංකාවට හතරවෙනි ස්ථානය හිමිවී තිබුණි.
එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව නිල උද්ධමනය දෙසැම්බර් මස සියයට 66 ක් ලෙස සඳහන් වුවත් මෙරට සැබෑ උද්ධමනය සියයට 106 ක් බව ස්ටීව් හැන්කේ මහතා පෙන්වා දී ඇත. මීට පෙර නිකුත් වූ දර්ශකයේ හැන්කේ මහතාට අනුව ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 101 ලෙස සටහන් වූ අතර නව දර්ශකයේ එය සියයට 106 ක් දක්වා වැඩි වී තිබේ.
නවතම දර්ශකයේ ප්‍රථම ස්ථානය සිම්බාබ්වේටත්, දෙවැනි ස්ථානය වෙනිසියුලාවටත්, තෙවැනි ස්ථානය ලෙබනනයටත් හිමිව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය සුමානේ කිව්වේ... දැන් ටිකක් හරි වගේ කියලා උද්දමනේ... මෙහෙම පුටුවලට වෙලා... බයිලා කියෙව්වා කියලා. ඕක අඩුවෙන්නේ නැහැ. ප්ලෑන් එකකට වැඩ කරන්න ඕනේ.. පුටුවල ඉඳන් කරන රස්සා කරලා මේක ගොඩදාන්න බැහැ දැන්.