
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂය ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල මහා නගර සභාව ඇතුලු ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 20ට ම තරඟ වැදීම සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
මෙම අවස්ථාවට බලයලත් නියෝජිතයන් මෙන්ම ගාල්ල මහා නගර සභාවේ නියෝජ්‍ය නගාරාධිපති ෆවුසුල් නියාස්, විපක්ෂ නායක ජිලිත් නිශාන්ත, හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී අශෝක ධනවංශ, ඇල්පිටිය සංවිධායක නීතීඥ නෙවිල් ඉගලවිතාන, රත්ගම සංවිධායක නිමල් චන්දන, බද්දේගම සංවිධායක නීතීඥ ලීලානන්ද, කරන්දෙනිය සංවිධායක නිතීඥ නුවන් සොමිරත්න, හබරාදුව සංවිධායක ලයනල් ඉපලවත්ත, බලපිටිය සංවිධායක අජිත් අසේල, හිනිදුම සංවිධායක සුනිල් සේනානායක, අම්බලන්ගොඩ ආසන සංවිධායක ජනිත් වික්‍රමතිලක, අක්මීමණ සංවිධායක නිතීඥ මහේෂ් මඩවල යන මහත්වරු ඇතුලු අපේක්ෂකයෝ රැසක්ද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එජාපයේ සහ පොහොට්ටුව අතුගා දැමීමේ උත්සවය අත ළඟ. සුදානම් වෙන්න.
මැතිවරණය කල් දැමීමට හොරගල් ඇහිඳින කෙනානේ මුලින්ම ඉන්නේ,
අපරාදේ නේද ඇප මුදල් ටික.
එතකොට අර මහ ලොකුවට කතා කරපු අලි-පොභොට්ටු සංධානය දැන් කටින් බතල වෙලා නේද? අලුත්ම සංගණන අනුව නම් මේ දෙගොල්ලන්ටම ඔය බඳිනවා කියන ඇපත් නැතිවෙන සයිස් එකක් තියෙන්නේ...