(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂය ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල මහා නගර සභාව ඇතුලු ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 20ට ම තරඟ වැදීම සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
මෙම අවස්ථාවට බලයලත් නියෝජිතයන් මෙන්ම ගාල්ල මහා නගර සභාවේ නියෝජ්‍ය නගාරාධිපති ෆවුසුල් නියාස්, විපක්ෂ නායක ජිලිත් නිශාන්ත, හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී අශෝක ධනවංශ, ඇල්පිටිය සංවිධායක නීතීඥ නෙවිල් ඉගලවිතාන, රත්ගම සංවිධායක නිමල් චන්දන, බද්දේගම සංවිධායක නීතීඥ ලීලානන්ද, කරන්දෙනිය සංවිධායක නිතීඥ නුවන් සොමිරත්න, හබරාදුව සංවිධායක ලයනල් ඉපලවත්ත, බලපිටිය සංවිධායක අජිත් අසේල, හිනිදුම සංවිධායක සුනිල් සේනානායක, අම්බලන්ගොඩ ආසන සංවිධායක ජනිත් වික්‍රමතිලක, අක්මීමණ සංවිධායක නිතීඥ මහේෂ් මඩවල යන මහත්වරු ඇතුලු අපේක්ෂකයෝ රැසක්ද සහභාගී වූහ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
එජාපය ගාල්ලට ඇප බඳී
Nihal D Monday, 16 January 2023 11:07 AM
එජාපයේ සහ පොහොට්ටුව අතුගා දැමීමේ උත්සවය අත ළඟ. සුදානම් වෙන්න.
Sunil Monday, 16 January 2023 12:12 PM
මැතිවරණය කල් දැමීමට හොරගල් ඇහිඳින කෙනානේ මුලින්ම ඉන්නේ,
Buddika Monday, 16 January 2023 12:22 PM
අපරාදේ නේද ඇප මුදල් ටික.
siri Monday, 16 January 2023 03:19 PM
එතකොට අර මහ ලොකුවට කතා කරපු අලි-පොභොට්ටු සංධානය දැන් කටින් බතල වෙලා නේද? අලුත්ම සංගණන අනුව නම් මේ දෙගොල්ලන්ටම ඔය බඳිනවා කියන ඇපත් නැතිවෙන සයිස් එකක් තියෙන්නේ...