(අංජුල මහික වීරරත්න)
චීන රජයෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා දුන් ඩීසල් ලීටර් මිලියන 6.8ක් ගොවි ජනතාව වෙත බෙදා හැරීම ඇරැඹූ බව ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එච්.එම් ඒ. එල්.අබේරත්න මහතා පැවසීය.
ඒ අනුව මේ වනවිට අස්වනු නෙලීමේ කටයුතු ඇරැඹී තිබෙන කිලිනොච්චි දිස්ත්‍රික්කය සඳහා පළමු ඉන්ධන බෙදාහැරීමට පියවර ගෙන තිබෙන බව අමාත්‍යාංශය පවසයි.
මහ කන්නය මැද දී මෙම ඉන්ධන තොග චීන රජය විසින් ලබා දුන්නද ඒ වනවිටත් ගොවිතැන් කටයුතු ඇතැම් දිස්ත්‍රික්ක වල අවසන් ව තිබු නිසා අස්වැන්න නෙලන අවස්ථාවේ දී මෙම ඉන්ධන තොග ගොවි ජනතාව වෙත නොමිලයේ ම ලබා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබිණි.
මෙම ඉන්ධන තොගය අක්කර භාගයේ සිට අක්කර දෙකහමාරක් දක්වා ( හෙක්ටෙයාර් 01) වගා කරන වී ගොවීන් සදහා හෙක්ටෙයාර් එකකට ලීටර් 15ක් බැගින් නොමිලයේ ලබා දීමට පියවර ගෙන තිබේ.
අස්වනු නෙලන ආකාරයට දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ගොවීන් වෙත මෙම ඉන්ධන සැපයීම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කරනු ලබයි. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ඉන්ධනලාභීන් වෙත නිකුත් කරනු ලබන වවුචරයක් මගින් ඔවුන්ට අදාල ඉන්ධන ප්‍රමාණය අදාල පිරවුම්හල් වලින් ලබා ගැනීමට පහසුකම් සලසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයිනේ... ආණ්ඩුව පළාත් සභා මැතිවරණය ගොඩ...
ඊට ඉස්සෙල්ලා කියන්න ගොවීන්ට දෙනවා කියපු දෙන්න කියලා ලැබුණු විදේශ ආධාර දෙන්නේ කවද්ද කියලා... ඔහේලා දුන්නු කාබනික කියලා ගොවිතැන කාබාසිනියා කිරීමට දුන්නු කලුපාටවූ පස් නිසා මේ වනවිට කුඹුරු විනාශවෙලා ඉවරයි... ඉන්ධන ඊළඟ කන්නයේ හාන්න දෙනවා නම් හොඳයි නැත්නම් ඒකත් විකුණලා රජයේ සේවකයින්ගේ වැටුප් ගෙවන්නකෝ...!