IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


තල් ගෙඩියේ වංහුං සොයන්න සරසවි සිසුවෝ යාපනයට

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට  යාපනය  කයිතඩි තල් පර්යේෂණායතනයේ නේවාසික පුහුණුව ලබාදීමට තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත  පතිරාජ මහතා තීරණය කර ඇත.

මේ අනුව  එම විශ්ව විද්‍යාලයේ  පළමු ශිෂ්‍ය කණ්ඩායම ලෙස  ශිෂ්‍ය ශිෂ්‍යාවෝ  විසි දෙනෙක් ඒ  පුහුණුව සඳහා  යාපනයට  ළඟදීම පිටත්ව යති.

මෙම පුහුණු වැඩසටහනට අදාළ ගිවිසුම තල් සංවර්ධන මණ්ඩලයේ  සහ සබරගමු විශ්වවිද්‍යාලයේ ප්‍රධානීන්  අතර පසුගිය දා අත්සන් කෙරිණ.

මේ වැඩසටහන යටතේ ශිෂ්‍යයන් සඳහා  තාක්ෂණික හුවමාරු වැඩසටහන්,  නේවාසික පුහුණු වැඩසටහන් , ඒකාබද්ධ පර්යේෂණ කටයුතු සහ විශේෂ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ගිවිසුම අනුව තල් සංවර්ධන මණ්ඩලයට, සබරගමුව විශ්වවිද්‍යාලයේ පිළිගැනීම ලැබෙන හෙයින් ඉදිරියේදී මෙම ආයතන දෙක එක්ව විශේෂ පර්යේෂණ රැසක්  කිරීමටද  නියමිතය.

තවද  තල් පර්යේෂණ ආයතනයේ පර්යේෂණ නිලධාරීන්ට සබරගමුව විශ්වවිද්‍යාලයේ විශේෂ පුහුණුවක් ලබා දීමටද  සැලසුම් කර  ඇතැයි තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත  පතිරාජ මහතා පැවසීය.

ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ, නියෝජ්‍ය සාමාන්‍යඅධිකාරී ශ්‍රීවිජේන්ද්‍රන්, දිස්ත්‍රික් කළමනාකරු සශි කුමාර් යන මහත්වරුන්ද  සබරගමුව විශ්වවිද්‍යාලය වෙනුවෙන් එහි උපකුලපති  ජ්‍යෙෂ්ඨ  මහාචාර්ය ආර්.එම් එස් .කේ  රත්නායක, පීඨාධිපති  මහාචාර්ය උදයකුමාර යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද  සහභාගී වූහ.



අදහස් (0)

තල් ගෙඩියේ වංහුං සොයන්න සරසවි සිසුවෝ යාපනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 115 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 267 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 617 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site