
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවට පැමිණ සිටින චීන කොම්යුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය චෙන් ෂු මහතාගේ නායකත්වයෙන් යුතු නියෝජිත පිරිස සහ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ (15) හමුවක් පැවැත්වුණ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
එහිදී චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය, ද්විපාර්ශ්වික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා පුළුල් සාකච්ඡාවක නිරත වූ බවත් පක්ෂ දෙකක් ලෙස කොම්යුනිස්ට් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර අදහස් හුවමාරු කර ගත් බවත් චීන තානාපති කාර්යාලය සඳහන් කර තිබේ.
එසේම අද(16) උදෑසන උප අමාත්‍ය චෙන් ෂු මහතා චීන කොම්යුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රස් සමුළුව පිළිබඳ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ශැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වූ බව චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න තොණ්ඩුව දාගෙන එනෝ... පරිස්සම් වෙයල්ලා...!!!
දැන් කියයි දන්නෙම නැතුව අපිට තව ණයක් දුන්නයි කියලා.
චීන්නු දන්නවා ලංකාවේ සැබෑ නායකයින් කවුද කියලා! (රාජපක්ෂ නම ඇසූ පමණින් භූමිතෙල් ගෑවුණු ගැරඞි බවට පත්වන කුහකයිනි, දැන් ඉතින් මට බණින්න.)