(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවට පැමිණ සිටින චීන කොම්යුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය චෙන් ෂු මහතාගේ නායකත්වයෙන් යුතු නියෝජිත පිරිස සහ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ (15) හමුවක් පැවැත්වුණ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
එහිදී චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය, ද්විපාර්ශ්වික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා පුළුල් සාකච්ඡාවක නිරත වූ බවත් පක්ෂ දෙකක් ලෙස කොම්යුනිස්ට් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර අදහස් හුවමාරු කර ගත් බවත් චීන තානාපති කාර්යාලය සඳහන් කර තිබේ.
එසේම අද(16) උදෑසන උප අමාත්‍ය චෙන් ෂු මහතා චීන කොම්යුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රස් සමුළුව පිළිබඳ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ශැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වූ බව චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
චීන නියෝජිතයෝ මහින්ද හමුවෙති
ganegoda Monday, 16 January 2023 05:24 PM
ඔන්න තොණ්ඩුව දාගෙන එනෝ... පරිස්සම් වෙයල්ලා...!!!
kapila Monday, 16 January 2023 06:42 PM
දැන් කියයි දන්නෙම නැතුව අපිට තව ණයක් දුන්නයි කියලා.
මැක්ස් Monday, 16 January 2023 07:13 PM
චීන්නු දන්නවා ලංකාවේ සැබෑ නායකයින් කවුද කියලා! (රාජපක්ෂ නම ඇසූ පමණින් භූමිතෙල් ගෑවුණු ගැරඞි බවට පත්වන කුහකයිනි, දැන් ඉතින් මට බණින්න.)
kapilaMonday, 16 January 2023 08:24 PM
ඇත්ත. ඒ අය දන්නවා කාවද ලේසියෙන්ම ණය උගුලට අහුකර ගන්න පුළුවන් කියලා...
සෙනෙවිරත්න Monday, 16 January 2023 09:38 PM
දන්නව දන්නව, පරන ගනුදෙනුවක් කතා කරන්න එන්න ඇති.