(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය නිලධාරීන් වැඩ නොකරන විට  දේශපාලනඥයින්ට මහජනතාව දොස් නගන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ සේවයේ නියුතු රාජ්‍ය නිළධාරින් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලදී ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.