(යොහාන් භාසුර)
ඕමානයේ රැකියා සඳහා පිටත්ව ගොස් විවිධ අපහසුතාවයන්ට පත්ව ඕමාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ සිටියදී අද (16) ශ්‍රී ලංකාවට පැමිණි කාන්තාවන් 14 දෙනාගෙන් කාන්තාවක් ගුවන්තොටුපළේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන් මගහැර පලාගොස් ඇති බව එම කාර්යංශය පවසයි.
ඕමාන් සුරක්ෂා නිවසෙන් අද පැමිණි කාන්තාවන් 14 දෙනාත් ඇතුළුව කාන්තවන් 32 ක් මේ වන විට ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන ඇති බව එම කාර්යංශය සඳහන් කරයි.
එම කාන්තාවන් 14 දෙනාගෙන් 7 දෙනෙක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගතවී ඇති අතර ඉතිරි 7 දෙනා නීති විරෝධීව විදේශ ගතවී ඇති බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී නීතිවිරෝධී අයුරින් විදේශ ගතවන පුද්ගලයින් ගෙන්වාගැනීම සඳහා මුදල් වැයකිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට නීතිමය ප්‍රතිපාදන නොමැති බවත් එම කාර්යංශය කියයි.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ මැදිහත්වීම මත ලබාගත් විශේෂ කැබිනට් අනුමැතියකින් මෙම පිරිස ගෙන්වාගැනීමට කටයුතු කළ බව කී විදේශ සේවා නියුක්ති කාර්යංශය යම් පුද්ගලයෙකු විදේශ ගතවන අවස්ථවේදී තම ඥාතීන් හෝ මිතුරන් බැලීමට යන බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන්ට අසත්‍ය තොරතුරු ලබාදී විදේශ ගතවී ඇත්නම් ඔවුන්ට සහ ඔවුන් විදේශ ගතකිරීමට කටයුතු කළ පුද්ගලයින්ට එරෙහිව නිත්‍යානුකුලව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඕමාන් සුරක්ෂා නිවසෙන් පැමිණි කාන්තාවක් පනී