(යොහාන් භාසුර)
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා පළාත් පාලන මැතිවරණයට ඇප භාරනොගන්නා ලෙස කළ නියෝගය හිස් නියෝගයක් වුවද එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමුඅමුවේ උල්ලංගණ කිරීමක් බවත් ඔහු රටේ කීර්තිනාමයට කළ විනාශ පිළිබඳව ‘මහජන ආරක්‍ෂක’ නඩු නිමිතක් ආරම්භ කිරීමට සූදානම් බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (16) පැවසීය.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා කළ එම නීතිවිරෝධී නියෝගයෙන් රටට විශාල හානියක් වූ බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එය වසර තුනක් හිරගත කළ හැකි වරදක් බව ද සඳහන් කළේය.
හපුහින්න ලේකම්වරයා මැතිවරණ කොමිසමෙන් සමාව ගැනීම ප්‍රමාණවත් නොවන නිසා අධිකරණය ඉදිරියේ වරද පිළිගෙන සමාව ඉල්ලා සිටිය යුතු බවත් කැබිනට් මණ්ඩලයේ නීති විරෝධි නියෝගය ක්‍රියාත්මක කරනවා නම් එයට පෞද්ගලිකව වගකිවයුතු බවත් මහා චාර්යවරයා සඳහන් කළේය.
අමාත්‍යංශ ලේකම්වරයෙක්ට නීතිවිරෝධී නියෝග දීමේ කිසිඳු අයිතියක් කැබිනට් මණ්ඩලයට නොමැති බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එම නියෝගය හිස් කොළයක් ලෙස සැළකිය නොහැකි බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ රාජ්‍ය පරිපාලන සේවයේ තත්වය අද දෙකේ කොලේට වැටිලා. ඉන්දියාවේ පරිපාලන සේවය ගැන ටිකක් හොයලා බලන්නකෝ. ඉන්දියාවේ දේශපාලකයින්ට වඩා පරිපාලන සේවා නිලධාරීන්ට පිලිගැනීමක් තියෙනවා.