
(සුජිත් හේවාජුලිගේ )
සියලු කොටස් එකතු කරගෙන දෙවෙනි අරගලය ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ෆොන්සේකා මහතා මෙසේද සඳහන් කළේය.
"ජනාධිපතිතුමාට සැලසුමක් නැහැ සුරංගනා කතා කිය කියා ඉන්නවා.ජනවරමකින් මේ ආණ්ඩුව පෙරලනවා. ජන අරගලය ඉදිරියට ගෙනියනවා. නැවතත් අරගලයක් ජනතා විප්ලවයක් ගොඩනඟනවා. දූෂිත පාලනය එළවනවා. අලි පොහොට්ටු මගුල රටට අවමගුලක් වෙලා ඉවරයි. දූෂිත දේශපාලඥයන් තොර රටක් ගොඩනගනවා. දෙවැනි අරගලයට ශක්තිමත් අඩිතාලමක් හදනවා. සියලු කොටස් එකතු කරගෙන. නොවැටෙන අරගලයක් ගොඩනගනවා. ආණ්ඩුවේ මිනිසුන්ට අන්තට්ටුවයි වලිගය යි විතරයි අඩු."

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගල කරකර ඉඳලා හරියන්නේ නෑ මහත්තයෝ ඔයාගේ ආර්ථික සැලැස්ම ඉදිරිපත් කරන්න...
ඔය අරගලයට නාගානන්ද කොඩිතුවක්කුගේ ව්‍යවස්ථාව ගේන්න පොරොන්දුවක් දුන්නොත් නියමම අරගලයේ ඵලය ලැබෙයි...
නැවත අරගල කරලා රට අල කරන්න හදන ඔබතුමාගෙන් "වෙල් විදානේ" තනතුර ඉවත් කරන්න කාලේ හරි. ඒ වෙනුවට "මිස්ටර් ෆේල්" වගේ පට්ටමක් වඩාත් හොඳින් ගැලපෙනවා...
ඔබතුමාට ජයවේවා...!
බයියන්ට නම් රට මෙහෙමම යන්න අරින්න ඕනෑ. අරගලයට ජයවේවා..!