(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුව විසින් මැතිවරණය කල් දැමීමට ගන්නා සියලු උත්සාහයන් පරාජය කිරීමට කොන්දේසි විරහිතව පෙනී සිටින බව ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය නිවෙිදනයක් නිකුත් කරමින් පවසයි .
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සහතික කිරීම වෙනුවෙන් ඉල්ලීම් පහක් ඉටු කළ යුතු බව ද මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය මැතිවරණ කොමිසමෙන් හා රජයෙන් අප ඉල්ලා සිටී.
පවතින වාතාවරණය යටතේ අපේක්ෂකයන් පිළිබඳ පණිවුඩය මහජනතාව වෙත ගෙන යා හැකි ප්‍රධාන මාර්ගය වන්නේ ඒ සඳහා සකස් කළ දැන්වීම් ඡන්ද දායක නිවෙස්වලට බෙදා හැරීම බවත් පවතින කඩදාසි හිඟය හේතුවෙන් රජයට පක්ෂපාතී කණ්ඩායම්වලට ආණ්ඩුවේ විශේෂ අනුග්‍රහය යටතේ අවශ්‍ය කඩදාසි ප්‍රමාණය ලබාදීමට කටයුතු කරනු ඇතැයි සිතිය හැකි බැවින් මැතිවරණ කාලසීමාවේදී කඩදාසි හිඟයක් ද, මිල ගණන් විශාල ලෙස ඉහළ යාමක් ද අපේක්ෂා කළ හැකි බව මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය කියයි.
එබැවින් රජයට පක්ෂපාතී අපේක්ෂකයන්ට අනියම් මාර්ගවලින් කඩදාසි ලැබීමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම වලක්වා සියළු අපේක්ෂකයන්ට මුද්‍රණයට යෝග්‍ය වන A3 කඩදාසි අවම වශයෙන් 10,000 ක් හෝ අවශ්‍ය ප්‍රමාණයට සියලු අපේක්ෂකයින්ට සාධාරණ මිලට සපයා දිය යුතු බව අදාල නිවෙිදනයේ සඳහන් වෙයි.
දේශපාලන පක්ෂවල සිටින ජාතික නායකයින් ඇතුළු ක්‍රියාකාරීන්ට, පළාත් නායකයින්ට හා සංවිධායකයන්ට මෙන්ම ආසන මට්ටමේ පක්ෂ ක්‍රියාකරුවන් ඇතුළු සියලු දෙනාට සීමාවකින් තොරව ඉන්ධන ලබාදිය යුතු බවද ඒ සඳහා සියලුම ඉන්ධන පිරවුම්හල් වලින් පෝලිමකින් තොරව ඉන්ධන ලබා ගැනීමට අවස්ථාව සලසා දිය යුතු බවද මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය පවසයි.
මැතිවරණයට ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයන්ට අදාල කාලයේ දී සීමාවකින් තොරව ඉන්ධන ලබාදිය යුතු බවද මැතිවරණ රාජකාරීවල යෙදී සිටින සියලුම රජයේ සේවකයන්ට සීමාවකින් තොරව මැතිවරණ කාලයේ ඉන්ධන ලබාදිය යුතු බවද නිවෙිදනයේ සඳහන්ය.
මැතිවරණය පැවැත්වෙන කාල සීමාවෙි අපේක්ෂකයන්ට රාත්‍රී කාලයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ඡන්දදායක නිවෙස් සියල්ලටම පහසුවෙන් යා හැකි වන පරිදි විදුලි බලය කප්පාදු කිරීමෙන් වැලකී සිටිය යුතු බවද ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මැතිවරණ නිරීක්ෂණ රාජ්‍ය නොවන සංවිධාන මැතිවරණ තිබෙන විට ආධාර දෙන ආයතනවලින් මුදල් ලබා ගන්නවා. ඒ නිසා ඔවුන් වෙහෙසෙන්නේ ඩොලර් ගැන මිස රට ගැන නොවේ. ශ්‍රී ලංකාවට දෙවි පිහිටයි!
කඩදාසි හිඟයක් මවා පාලා මැතිවරණය ප්‍රතිපල වෙනස් කරන්නේ මේ රජයට බැහැ.
සුනිල්, ප්‍රතිඵලය තමයි හැම සභාවකම අස්ථාවර ආණ්ඩු ඇතිවීම... කිසිම කෙනෙකුට වැඩක් කරන්න හම්බවෙන එකක් නැහැ. මන්ත්‍රීවරු පඩි අරන් පැන පැන ඉඳීවි... පාර්ලිමේන්තු ඡන්දෙ තිබ්බත් ස්ථාවර ආණ්ඩුවක් හදන්න කාටවත් බැරිවෙයි. රටට ගොඩඒමක් නැහැ.