IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


ඡන්දෙ කල් දැමීම පරදන්න කොන්දේසි විරහිතව පෙනී ඉන්නවා

 

(අංජුල මහික වීරරත්න)

ආණ්ඩුව විසින් මැතිවරණය කල් දැමීමට ගන්නා සියලු උත්සාහයන් පරාජය කිරීමට කොන්දේසි විරහිතව පෙනී සිටින බව  ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය නිවෙිදනයක් නිකුත් කරමින් පවසයි . 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සහතික කිරීම වෙනුවෙන් ඉල්ලීම් පහක් ඉටු කළ යුතු බව ද මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය මැතිවරණ කොමිසමෙන් හා රජයෙන් අප ඉල්ලා සිටී.

පවතින වාතාවරණය යටතේ අපේක්ෂකයන් පිළිබඳ පණිවුඩය මහජනතාව වෙත ගෙන යා හැකි ප්‍රධාන මාර්ගය වන්නේ ඒ සඳහා සකස් කළ දැන්වීම් ඡන්ද දායක නිවෙස්වලට බෙදා හැරීම බවත් පවතින කඩදාසි හිඟය හේතුවෙන් රජයට පක්ෂපාතී කණ්ඩායම්වලට ආණ්ඩුවේ විශේෂ අනුග්‍රහය යටතේ අවශ්‍ය කඩදාසි ප්‍රමාණය ලබාදීමට කටයුතු කරනු ඇතැයි සිතිය හැකි බැවින්  මැතිවරණ කාලසීමාවේදී කඩදාසි හිඟයක් ද, මිල ගණන් විශාල ලෙස ඉහළ යාමක් ද අපේක්ෂා කළ හැකි බව මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය කියයි.

එබැවින් රජයට පක්ෂපාතී අපේක්ෂකයන්ට අනියම් මාර්ගවලින් කඩදාසි ලැබීමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම වලක්වා සියළු අපේක්ෂකයන්ට මුද්‍රණයට යෝග්‍ය වන  A3 කඩදාසි අවම වශයෙන් 10,000 ක් හෝ අවශ්‍ය ප්‍රමාණයට සියලු අපේක්ෂකයින්ට සාධාරණ මිලට සපයා දිය යුතු බව අදාල නිවෙිදනයේ සඳහන් වෙයි.

දේශපාලන පක්ෂවල සිටින ජාතික නායකයින් ඇතුළු ක්‍රියාකාරීන්ට, පළාත් නායකයින්ට හා සංවිධායකයන්ට මෙන්ම ආසන මට්ටමේ පක්ෂ ක්‍රියාකරුවන් ඇතුළු සියලු දෙනාට සීමාවකින් තොරව ඉන්ධන ලබාදිය යුතු බවද ඒ සඳහා සියලුම ඉන්ධන පිරවුම්හල් වලින් පෝලිමකින් තොරව ඉන්ධන ලබා ගැනීමට අවස්ථාව සලසා දිය යුතු බවද මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය පවසයි.

මැතිවරණයට ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයන්ට අදාල කාලයේ දී සීමාවකින් තොරව ඉන්ධන ලබාදිය යුතු බවද මැතිවරණ රාජකාරීවල යෙදී සිටින සියලුම රජයේ සේවකයන්ට සීමාවකින් තොරව මැතිවරණ කාලයේ  ඉන්ධන ලබාදිය යුතු බවද නිවෙිදනයේ සඳහන්ය.

මැතිවරණය පැවැත්වෙන කාල සීමාවෙි අපේක්ෂකයන්ට රාත්‍රී කාලයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ඡන්දදායක නිවෙස් සියල්ලටම පහසුවෙන් යා හැකි වන පරිදි විදුලි බලය කප්පාදු කිරීමෙන් වැලකී සිටිය යුතු බවද  ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය සඳහන් කරයි.



අදහස් (4)

ඡන්දෙ කල් දැමීම පරදන්න කොන්දේසි විරහිතව පෙනී ඉන්නවා

Upali Monday, 16 January 2023 12:00 PM

මේ මැතිවරණ නිරීක්ෂණ රාජ්‍ය නොවන සංවිධාන මැතිවරණ තිබෙන විට ආධාර දෙන ආයතනවලින් මුදල් ලබා ගන්නවා. ඒ නිසා ඔවුන් වෙහෙසෙන්නේ ඩොලර් ගැන මිස රට ගැන නොවේ. ශ්‍රී ලංකාවට දෙවි පිහිටයි!

:       4       72

fairoosMonday, 16 January 2023 03:05 PM

බයියන්ට නම් මොනවාහරි කරලා මැතිවරණය කල්දාන්න තමයි අදහස...

:       1       0

Sunil Monday, 16 January 2023 12:07 PM

කඩදාසි හිඟයක් මවා පාලා මැතිවරණය ප්‍රතිපල වෙනස් කරන්නේ මේ රජයට බැහැ.

:       12       6

Upali Monday, 16 January 2023 01:16 PM

සුනිල්, ප්‍රතිඵලය තමයි හැම සභාවකම අස්ථාවර ආණ්ඩු ඇතිවීම... කිසිම කෙනෙකුට වැඩක් කරන්න හම්බවෙන එකක් නැහැ. මන්ත්‍රීවරු පඩි අරන් පැන පැන ඉඳීවි... පාර්ලිමේන්තු ඡන්දෙ තිබ්බත් ස්ථාවර ආණ්ඩුවක් හදන්න කාටවත් බැරිවෙයි. රටට ගොඩඒමක් නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 115 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 267 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 617 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site