IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


ජයිශංකර්ගේ ආගමනයෙන් ලංකාවට කොළ එළියක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී මෙරට අවශ්‍යතාවයන්ට ඉන්දියාවෙන් ධනාත්මක පිළිතුරක් ලැබෙනු ඇතැයි ඉන්දීය රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් "ද හින්දු" පුවත්පත වාර්තා කර ඇත.

එසේම ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයේදී ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය වීම පිළිබඳ එස්.ජයිශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුකරනු ඇතැයි එම පුවත්පත පෙන්වා දී තිබේ. එසේම බලශක්ති සුරක්ෂිතතාව, ආහාර සුරක්ෂිතතාව, විදේශ මුදල් හුවමාරු පහසුකම් සහ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ දෙරට අතර සාකච්ඡා පැවැත්වෙන බවත් එස්.ජයිශංකර් මහතාගේ දෙදින නිල සංචාරයේදී ඒ පිළිබඳ නිවේදන කිහිපයක් සිදු කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බවත්  "ද හින්දු" පුවත්පත වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට සහාය වීමට පසුගිය වසරේ ඉන්දියාව ඇමෙරිකානු ඩොලර් බිලියන 4 ක පමණ සහායක් ලබා දුන් පරිද්දෙන් ඉදිරියටත් සහාය ලබා දෙනු ඇතැයි  "ද හින්දු" පුවත්පත සඳහන් කර ඇත.

ත්‍රිකුණාමල සංවර්ධන ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර බලශක්ති සම්ප්‍රේෂණ සබඳතාවක් ඇති කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් වලට එළඹීමට  සාකච්ඡා පැවැත්වෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ආරංචි මාර්ග පෙන්වා දී තිබේ.



අදහස් (0)

ජයිශංකර්ගේ ආගමනයෙන් ලංකාවට කොළ එළියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 115 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 267 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 617 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site