
(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝකයේ සිටින බිලියනපතියන්ගේ ධනය දිනකට ඇමෙරිකානු ඩොලර් 2.7 කින් ඉහළ යන බව ඔක්ස්ෆෑම් සංවිධානය නිකුත් කළ නවතම වාර්තාව පෙන්වා දෙයි.
බිලියනපතියන්ගේ ධනය මෙසේ වැඩිවන විට ලෝකයේ බිලියන 1.7 ක වැඩකරන ජනතාවක් ඉහළ උද්ධමනය සහිත රටවල ජීවත් වීම හේතුවෙන් ඔවුන් උපයන මාසික වැටුපේ අගය අඩු වී දුෂ්කරතා රැසකට මුහුණ දී සිටින බව එම වාර්තාවේ දැක්වේ.
ලෝකයේ සිටින මිලියනපතියන් සහ බිලියනපතියන් මත සියයට 5 බද්දක් පැනවූහොත් ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.7 ක් උපයා ගත හැකි බවත් එම මුදලෙන් ලෝකයේ බිලියන 2 ක ජනතාවක් දුගීභාවයෙන් මුදවා ගත හැකි බවත් එම වාර්තාව පෙන්වා දෙයි.
2020 වසරේ සිට මේ දක්වා ලෝකය උපයා ඇති සමස්ත ධනයෙන් තුනෙන් දෙකක් අත්පත් කරගෙන ඇත්තේ ලෝකයේ සියයට එකක් වූ ධන කුවේරයන් බවත් එය අගයක් ලෙස ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 42 ක් බවත් එම වාර්තාවේ දැක්වේ. එම මුදල ලෝකයේ ඉතිරි සියයට 99 ඉපැයූ ධනය මෙන් දෙගුණයක් බවත් එම වාර්තාව පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd