(සුජිත් හේවාජුලිගේ)

රජයේ ආයතනවල මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධාරින්ගේ වැටුප් වෙන වෙනම (අවස්ථා දෙකකදී) ගෙවීමට  මහ භාණ්ඩාගාරය තීරණය කර ඇත.

මහ භාණ්ඩාගාරය මේ තීරණය ගෙන ඇත්තේ රටේ මූල්‍ය අර්බුදය  සැලකිල්ලට ගෙන බව වාර්තා වේ.

මේ අනුව මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධාරින්ගේ වැටුප් ප්‍රේෂණ පත් වෙන වෙනම ගෙවීමට හැකිවන පරිදි භාණ්ඩාගාරයෙන් අක් මුදල් නිකුත් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කරන ලෙස  භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව රාජ්‍ය ආයතනයන්හි ප්‍රධාන මූල්‍ය නිලධාරී, ගණකාධිකාරි, අධ්‍යක්ෂ (මූල්‍ය) නිලධාරීන්ට ලිපියකින් දැනුම්දී ඇත.

මාණ්ඩලික හා මාණ්ඩලික නොවන නිලධාරීන්ට වෙන වෙනම වැටුප් ගෙවීමට කටයුතු කරන ලෙස එම ලිපියෙන්  වැඩිදුරටත් දන්වා ඇත.

භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ ජනරාල් එච්.සී.ඩී.එල් සිල්වා සහ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.කේ  සෙනෙවිරත්න යන මහත්වරුන් ගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමු කරනු ලැබ  ඇත්තේ පසුගිය 13 වැනිදා දාතමින් යුතුවය.