කළුතර ගම්මාන හයක් හුදකලා කරයි කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ගම්මාන හයක් වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු හුදකලා ගම්මාන ලෙස නම් කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. 21 October 2020
චීනයේ ‘කොවිඩ්-19’ එන්නත රටවල් 10ක 60,000කට ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා සොයාගන්නා ලද එන්නත් මේ වනවිට රටවල් 10ක පුද්ගලයන් 60,000කට ආසන්න පිරිසකට ලබා දී ඇතැයි චීන බලධාරීහු අද (21) ප්‍රකාශ කළහ. 21 October 2020
පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණය දින පහකට වහයි පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණය හෙට (22) පෙරවරු 9.00 සිට සඳුදා (26) උදෑසන 5.00 දක්වා වසා තබන බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං මාකට් පොදු වෙළෙඳ සංගමයේ ජාතික සංවිධායක එච්.එම්. උපසේන මහතා ලංකාදීපයට පැවැසීය. 21 October 2020
කොරෝනා ප්‍රතිකාර ඇඳන් තව 154 ක් පමණයි ‘කොවිඩ්-19’ වයිරස ආසාදිත රෝගීන් සඳහා වෙන් කරන ලද ඇඳන් 2,587න් 2,433ක් මේ වනවිට පිරී ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද (21) පැවැසීය. 21 October 2020
අද දිනට කොරෝනා ආසාදිතයින් 109 ක් මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් අද (21) දිනයේ තවත් ආසාදිතයින් 109 දෙනෙකු හඳුනාගෙන තිබේ. 21 October 2020
කොවිඩ්-19 වසංගතය ගැන විවාදය 23 දා කොවිඩ්-19 වසංගත තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් එළඹෙන සිකුරාදා (23) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද(21) තීරණය කර ඇත. ඒ අද සවස එම සභාව රැස්වීමෙන් පසු ගන්නා ලද තීරණයකට අනුවය. 21 October 2020
විස්ස සංශෝධනයට මාර්තු 12 රහස් ඡන්දයක් ඉල්ලයි විසිවැනි සංශෝධනය පිළිබඳ ඡන්දය විමසීමේ දී රහස් ඡන්දයක් විමසන ලෙසත්, එහි දී මාතෘකාවෙන් මාතෘකාවට වෙන වෙනම ඡන්ද විමසන ලෙසත් මාර්තු 12 ව්‍යාපාරය කථානායකවරයා ගෙන් ඉල්ලා සිටියි. 21 October 2020
ඥානසාර හිමිට එරෙහි නඩුවේ අධිචෝදනාපත්‍රය බාරදෙයි කූරගල රජමහා විහාරයේ කළ ප්‍රකාශයකින් මුස්ලිම් ප්‍රජාවගේ ආගමික විශ්වාසවලට නින්දා කළ බවට බොදුබල සේනා සංවිධාධනයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි නඩුවේ අධිචෝදනා පත්‍රය කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා උන්වහන්සේට අද (21) බාර දුන්නේය. 21 October 2020
පාසල් සිසුවෙකුගෙන් ස්වයංක්‍රීය උෂ්ණත්ව මාපක පද්ධතියක් කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් දිවයිනෙහි මතුව ඇති සෞඛ්‍ය උපකරණවල අවශ්‍යතාව සඳහා, පුද්ගලයෙකුගේ ආධාරයෙන් උෂ්ණත්වය මැනීම වෙනුවට භාවිත කළ හැකි ස්වයංක්‍රීය උෂ්ණත්ව මාපක පද්ධතියක් නිර්මාණය කිරීමට පාසැල් සිසුවෙක් සමත්ව සිටී. 21 October 2020
දුරගමන් සේවා දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කෙරේ කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් දුර ගමන් සේවා දුම්රිය ගමන් වාර කිහිපයක් නැවත දැනුම් දෙනතුරු අවලංගු කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය. 21 October 2020
රන්ජන් අධිකරණයට අපහාස කළැයි කී නඩුව නොවැම්බර් 6 වැනිදාට කල්යයි අධිකරණ විනිසුරුවරුන් සහ නීතීඥවරුන් සම්බන්ධ ප්‍රකාශයක් කිරීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට එරෙහිව ඇති පළමු අධිකරණ අපහාස නඩු විභාගය නොවැම්බර් 6 වැනිදා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) නියම කළේය. 21 October 2020
ගම්පහට ඇදීරිනීතිය ගම්පහ දිස්ත්‍රික්කයට අද (21) රාත්‍රී 10 සිට සඳුදා (26) උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. 21 October 2020
කොට්ටාව මාලු වෙළඳසැලේ සිව්දෙනෙකුට කොරෝනා වැල්ලවත්ත පෞද්ගලික බැංකුවේ කොරෝනා ආසාදිතයා ගමන් කළ බව කියන කොට්ටාව මාලු වෙළඳසැලේ සේවකයින් සිව් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට අද (21) වාර්තා වූ බව කොට්ටාව මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.තිලකසිරි මහතා පවසයි . 21 October 2020
කුරුණෑගල තැලසීමියා ඒකකය වසාදමයි කුරුණෑගල ශික්ෂණ රෝහලට අයත් තැලසීමියා රෝග ප්‍රතිකාර ඒකකයේ සේවය කරන උපස්ථායිකාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීම හේතුවෙන් එම ඒකකය අද (21) තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත. 21 October 2020
රුසියාව නිපදවූ එන්නත අත්හදා බැලීම ලබන මාසයේදී කොරෝනා වයිරසයට එරෙහිව තම රටේ නිෂ්පාදනය කළ එන්නත ආසාදිතයින්ට ලබාදීම ලබන මාසයේ මුල සිට ආරම්භ කරන බව රුසියාව පවසයි. එන්නත නිපදවූ පර්යේෂණ ආයතනයේ ප්‍රධානී ඇලෙක්සැන්ඩර් ගින්ස්ට්බර්ග් මහතා මේ බව අනාවරණ කළේය. 21 October 2020
කෝටි දෙකක මත්පෙති ප්‍රංශයෙන් පාර්සල් කර එවලා ප්‍රංශයේ සිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත පාර්සල් කර එවා තිබූ මත්පෙති තොගයක් බාරගැනීමට පැමිණි කාන්තාවක් සමග රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය. 21 October 2020
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලක් වසාදමයි මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකු කොරෝනා ආසාධිතයෙකු ලෙස අද (21) හඳුනා ගැනීම හේතුවෙන් එම ව්‍යාපාරික ස්ථානය වසාදමා ඔහුගේ ආශ්‍රිතයින් 19 දෙනෙකු ස්වයං නිරෝධායනට යොමුකිරීමට පියවර ගත් බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජගත් කුමාර මහතා පවසයි. 21 October 2020
පෑලියගොඩ මාලු වෙළඳ සංකීර්ණයේ 49 ක ට කොරෝනා පෑලියගොඩ මාලු වෙළඳ සංකීර්ණයේ 49 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ. 21 October 2020
රියාජ් බදියුදීන්ගේ පෙත්සම විසිවෙයි පාස්කු ඉරු දින එල්ල කරනු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමා යළිත් වරක් අත්අඩංගුවට ගැනීමේ ආසන්නතම අවස්ථාවක් පවතින හෙයින්, තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රියාජ් බදියුදීන් මහතා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (21) තීන්දු කළේය. 21 October 2020
මධූෂ්ලා බිහිවීමට හේතු සොයා පිළියම් දෙමු සමරසිංහ ආරච්චිගේ මධූෂ් ලක්ෂිත වශයෙන් නොව මාකඳුරේ මධූෂ් වශයෙන් රටම දැන සිටි මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු සහ මිනීමරු සංවිධානාත්මක අපරාධකරු 20 වැනිදාට එළිවෙන පාන්දර වෙඩි කා මියගිය බවට වාර්තා පළවෙද්දී තිගැස්සුණේ පාතාලයන්ම පමණක් දැයි අපි නොදනිමු. එහෙත් මධූෂ්ගේ ඝාතනය රටේම ප්‍රධාන සිරස්තලයක් බවට ක්ෂණයකින් පත්වූයේ ඔහුගේ පැටිකිරියේ තරම හේතුවෙනි. 21 October 2020
සජිත්-පවිත්‍රා පාර්ලිමේන්තුවේ දී ගැටෙති පාර්ලිමේන්තුව අද(21) දිනයේ ආරම්භයේ දී රටේ පවතින වත්මන් කොවිඩ් -19 ආසාදිත තත්ත්වය එන්න එන්නම උග්රවන බව පවසමින් විපක්ෂ මන්ත්‍රීවරු රජයට විරෝධය පළ කළහ. 21 October 2020
විපක්ෂ මන්ත්‍රීවරු විස්ස එපා කියති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත විවාදයට ගන්නා අද (21) දින ඊට විරෝධය පළ කරමින් විපක්ෂ මන්ත්‍රීවරු 20 එපා යනුවෙන් සඳහන් රතු පටි පැළඳ පාර්ලිමේන්තු සභා ගැබට පැමිණ සිටිති. 21 October 2020
පූගොඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති රිමාන්ඩ් පූගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් එවකට සිටි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව් එම් එස් වන්නිආරච්චි මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 21 October 2020
කොටුව පොලීසිය යළි විවෘත කරයි වෙනත් පොලිස් ස්ථානවල සේවය කරන පොලිස් නිලධාරීන් යොදවා කොටුව පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු යළි ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. 21 October 2020
මහාචාර්ය මීගස්කුඹුර සමුගනී රාදෙණි විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු, සිංහල භාෂා සාහිත්‍ය අධ්‍යයන ක්ෂේත්රයට මාහැඟි මෙහෙවරක් ඉටු කළ, සම්මානිය මහාචාර්ය පී.බී. මීගස්කුඹුර මහතා අද (20) අභාවප්‍රාප්ත විය. 20 October 2020
මිනුවන්ගොඩ කොරෝනා පොකුරට තවත් ආසාදිතයන් 120 ක් මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අද (20) රාත්‍රී 9.50 වන විට තවත් ආසාදිතයන් 120 දෙනෙකු එක් වී තිබේ. 20 October 2020
විස්ස ගැන සොයා බැලීමට සමගි ජන බලවේගයෙන් කමිටුවක් විසිවැනි සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුව සිදු කරන සංශෝධන සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ පිළිබද අධ්‍යයනය කර කරුණු වාර්තා කිරීමට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ. 20 October 2020
ජනමත විචාරණයකට යා යුතු වගන්ති 4කට සංශෝධන විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිර්දේශ කරන ලද වගන්ති හතර ශ්‍රේෂ්ඨාධිකරයේ මඟපෙන්වීම මත සංශෝධන සහිතව ගෙන එන බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (20) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇත. 20 October 2020
එතනෝල් ලීටර් 15,300 ක් රාජසන්තකයි නයිලෝන් මිශ්‍ර ටයර් රැහැන් බව පවසමින් නීති විරෝධීව මෙරටට ආනයනය කර තිබු එතනෝල් ලීටර් 15,300 ක ප්‍රමාණයක් සහිත බහාලුමක් රාජසන්තක කළ බව රේගුව පවසයි. 20 October 2020
හයිඩ්රාමනි ආසාදිතයාත් සුව අතට හයිඩ්රාමනි සමූහයේ කාර්ය මණ්ඩලයෙන් හමු වූ නව කොරෝනා වයිරස ආසාදිත රෝගියා මේ වනවිට සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇති බවත් එම සමූහයේ කාර්ය මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 20 October 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026