(පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල ශික්ෂණ රෝහලට අයත් තැලසීමියා රෝග ප්‍රතිකාර ඒකකයේ සේවය කරන උපස්ථායිකාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීම හේතුවෙන් එම ඒකකය අද (21) තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත.
කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක වන එම උපස්ථායිකාවට සහ 13 හැවිරිදි ඇගේ දියණියටද වයිරසය ආසාදනය වී ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේදී කළ පී.සී.ආර්. පරීක්ෂණ මඟින් තහවුරු වී තිබේ.
මේ හේතුවෙන් තැලසීමියා ප්‍රතිකාර ඒකකයේ සියලු ප්‍රතිකාර සේවාවන් අද දින පෙරවරුවේ සිට තාවකාලිකව අත්හිටුවා එහි සම්පූර්ණ කාර්ය මණ්ඩලය සහ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පීසීආර් පරීක්ෂණ වලට ලක් කිරීමට පියවර ගෙන ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේය.
මේ දිනවල කුලියාපිටිය ආශ්‍රිතව පැතිර යන කොරෝනා පොකුර හා සම්බන්ධ ආසාදිත රෝහල් උපස්ථායිකාවගේ සැමියාට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අනාවරණය වේ. ඔහුගෙන් උපස්ථායිකාවට වයිරසය ආසාදනය වන්නට ඇති බවට සැක කරයි.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වූ ප්‍රථම අවස්ථාව මෙයවේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කුරුණෑගල තැලසීමියා ඒකකය වසාදමයි