(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
වැල්ලවත්ත පෞද්ගලික බැංකුවේ කොරෝනා ආසාදිතයා ගමන් කළ බව කියන කොට්ටාව මාලු වෙළඳසැලේ සේවකයින් සිව් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට අද (21) වාර්තා වූ බව කොට්ටාව මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.තිලකසිරි මහතා පවසයි .
ඒ අනුව කොට්ටාව මාලු වෙළෙඳසැල සහ තෙමහල් සේවක නේවාසිකාගාරයට මුද්‍රා තබා ආශ්‍රිතයින් 40 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කළ බව එම කාර්යාලය කියයි .
වැල්ලවත්ත පෞද්ගලික බැංකුවේ සේවය කරන පුද්ගලයින් දෙදෙනෙකු ආසාදිතයින් බවට ඉකුත් 18 දා හඳුනා ගැනීමත් සමඟ ඉන් එක් ආසාදිතයකු ගමන් කළ බව කියන කොට්ටාවේ සමුපකාර වෙළඳසැලක් සහ මාළු වෙළඳසැළ මෙලෙස වසාදැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පියවර ගැණිනි.
පසුව මෙම මාළු වෙළඳසැලෙහි සේවය කළ සේවකයින් 17 දෙනකු ස්වයං නිරෝධායනයට ලක් කර ඉකුත් 19 දා සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයේ දී සේවකයන් සිව් දෙනෙකුට මෙසේ ආසාදනය වී ඇති බව බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පවසයි.
ඒ අනුව ආසාදනයට ලක්වූ කොට්ටාව තෙමහල් ගොඩනැගිල්ලක රැඳී සිටි (42,47) පුද්ගලයින් දෙදෙනකු , පන්නිපිටිය ,දෙපානම පදිංචි (58) පුද්ගලයකු සහ බොරලැස්ගමුව ,නීලම්මහර ප්‍රදේශය පදිංචි (43) පුද්ගලයකු ඇතුළු සිව්දෙනා කළුතර පිඹුර දිසා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පවසයි.
මෙම පුද්ගලයින් සිව් දෙනාට කොරෝනා රෝගය ආසාදනය වූයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සැලෙන් ද නැතහොත් වැල්ලවත්ත කොරෝනා ආසාදිතයා ගෙන් ද යන්න පිළිබඳව මූලාශ්‍ර සොයා තවදුරටත් විමර්ශන විමර්ශන ක්‍රියාත්මක බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොට්ටාව මාලු වෙළඳසැලේ සිව්දෙනෙකුට කොරෝනා