
(බන්දුල ඉලේපෙරුම)
කොවිඩ්-19 වසංගත තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් එළඹෙන සිකුරාදා (23) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද(21) තීරණය කර ඇත. ඒ අද සවස එම සභාව රැස්වීමෙන් පසු ගන්නා ලද තීරණයකට අනුවය.
වත්මන් කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ රට අවදානමට ගමන් කරන බැවින් මේ සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බවට අද(21) පාර්ලිමේන්තුවේදී ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා ඉල්ලීමක් කළේය. ඒ අනුව අදාළ විවාදය 23වැනිදා පැවැත්වෙන බව පාර්ලිමේන්තු ආරංචි පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන විවාද කරන්නද? මේක වහලා දාලා හරි අනිත් අයව බේරගන්න ඕනෑ දැන්.
ඇයි විවාද කරලා නවත්වන්නද? නිකන් කාලය නාස්ති කරන්න එපා.
අනේ දෙවියනේ... මේ කාලකණ්ණි 225ට වත් කොරෝනා නැහැනේ...
අම්මපා මොනතරම් අවවාද දුන්නත් කෑ ගහන්නේ නැතුව ඉන්න බැහැනේ.?
විවිද විවේචන කිසිම ප්‍රයෝගික විසඳුම් සාකච්ඡා කරන්නේ නැහැ.