පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු, සිංහල භාෂා සාහිත්‍ය අධ්‍යයන ක්ෂේත්‍රයට මාහැඟි මෙහෙවරක් ඉටු කළ, සම්මානිය මහාචාර්ය පී.බී. මීගස්කුඹුර මහතා අද (20) අභාවප්‍රාප්ත විය.
ශාස්ත්‍රවේදී උපාධි අපේක්ෂක සිසුන් සඳහා මෙන්ම පශ්චාත් උපාධි අපේක්ෂක සිසුන් සඳහා ද සිය දැනුම දුන් මීගස්කුඹුර මහතා, ඉන්දියාවෙහි කීර්තිමත් පූනේ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිධරයෙකි.
මහාචාර්ය මීගස්කුඹුර මහතා, භාෂා අධ්‍යයනය, වාග් විද්‍යාව, සිංහල සංස්කෘතිය වැනි ක්ෂේත්‍ර ගණනාවකට අදාළව ශාස්ත්‍රීය කෘති සහ ලිපි සම්පාදනය කර ඇත.
සියම් ශ්‍රී ලංකා ආගමික සම්බන්ධතා (හේමපාල විජයවර්ධන මහතා සමග), සිරිලක වැදි ජන පුරාණය යන කෘති ද පෙරදිග මිනිසුන්ගේ චින්තන විදි, වෙස්මුහුණ, මකුට මුනිධාරී අවලෝකිතේශ්වර නාථ ලංකා පුරාණය යන පරිවර්තන කෘති ද ඇතුළු ශාස්ත්‍රීය කෘති රැසක් මීගස්කුඹුර මහතා විසින් රචනා කරනු ලැබ තිබේ.
මියයන විට 83 වැනි වියෙහි පසුවූ මහාචාර්ය මීගස්කුඹුර මහතාගේ අවසන් කටයුතු අනිද්දා (22) පස්වරු 6.00ට මහයියාව ආදාහනාගාරයේ දී සිදු කෙරේ.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට නිවන් සුව අත්වේවා...!!!
සිංහල සලකුණ ලොවට ගෙනගිය මහඇදුරනි, ඔබට නිවන් සුව...
සාර්ථක ඵලදායී ජීවිතයක්... ඔබතුමාට නිවන් සැප ලැබේවා.
ආදරණීය ගුරුතුමනි, ඔබතුමන් වනාහි හුදෙක් දැනුම පමණක් අපට දායද නොකල පඬිවරයෙකි. ජීවිතයද කියා දුන් ආදර්ශමත් ගුරුපියෙකි. විශ්ව විද්‍යාල ජීවිතයේ හමුවූ අපුරු මනුෂ්‍යත්වයෙන් පිරි මිනිසා ඔබයි. ඔබ අපට දායාද කළ දැනුම චිරාත් කාලයක් පවතිනු ඇත. මිල මුදල් හම්බ නොකළ සියල්ල දැනුම වෙනුවෙන්ම කැපකළ මෙවන් ඇදුරන් තවත් සිටීදැයි මම නොදනිමි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යම් සමාජ අස්ථානයක් සමාජයේ පවතිද, එකී නම මෙවන් ඇදුරන් මගින්ම ගොඩනැගුණු බව මගේ හැඟීමයි. ලෝකයට මිනිසුන්ගෙන්ද, ඥාණවන්තයින්ගෙන්ද අඩුවක් නොමැත. නමුත් ලෝකයට සැබෑ මානව දයාවෙන් පිරි මිනිසුන්ගෙන් අඩුවක් පවති... ඔබතුමන් අප ජීවිතයේ හමුවූ ආදර්ශමත් මානව හිතවාදියාය. ගුරුතුමනි, ඔබ ලෝකයට වැඩක් කළ මිනිසෙකි. ඔබ අපෙන් වෙන්වූයේ භෞතිකව පමණි. ඔබ දායාදකළ දෑ චිරාත් කාලයක් මේ සමාජයේ පවතීවි. ආදරණිය සර් සුබගමන්, ඔබට නිවන් දොර වැඩිදුර නොවනු ඇත...
ඔබතුමාට නිවන් සුව අත්වේවා...!!!
ඔබතුමාට නිවන් සැප ලැබේවා..!!!