
(බන්දුල ඉලේපෙරුම)
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත විවාදයට ගන්නා අද (21) දින ඊට විරෝධය පළ කරමින් විපක්ෂ මන්ත්‍රීවරු 20 එපා යනුවෙන් සඳහන් රතු පටි පැළඳ පාර්ලිමේන්තු සභා ගැබට පැමිණ සිටිති.
එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් සිය මුඛ ආවරණයේ ද 20ට විරුද්ධ බව සඳහන් කරගෙන පැමිණ ඇත.
අද පෙරවරුවේ සභා ගැබට පිවිසීමට ප්‍රථම පාර්ලිමේන්තුව ඇතුළත 20ට විරුද්ධව කුඩා උද්ඝෝෂණයක් ද ඔවුහු පැවැත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි 20 ඕනේ කියනවා...
20 කැමතිවෙලා පාර්ලිමේන්තු පුටුවේ වාඩිවෙන වෙන සෑම අවස්ථාවකම තව රුපියල් 25000 දෙන්නද කියලා අහන්නකො. නැතිනම් බදුරහිත වාහන 2 බැගින් දෙන්න කියලා අහන්නකො. එපා කියයිද කියලා බලන්න.
තව ඡන්ද 1000ක් විතර ගත්තා නම් මොනවා නොකරයිද?