ගම්පහ පැත්තේ නීතිඥවරුන්ටත් අලුත්කඩේට එන්න එපා කියයි
නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ වල සිට පැමිණෙන නීතීඥවරුන් ඇතුළු සියලු පාර්ශව නඩු කටයුතු සදහා කොළඹ අලුත්කඩේ , උපරිමාධිකරණ සංකීර්ණයේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණ කාර්යාල පරිශ්‍රයට පැමිණීමෙන් වළකින්නැයි ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී ප්‍රදීප් මහමුතුගල මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.