ශිෂ්‍යත්වයට මුහුණ දුන්නා සේම උසස් පෙළත් සාර්ථක කරගනිමු
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඊයේ ආරම්භ විය. රට පුරා විභාග මධ්‍යස්ථාන 2,648ක ඇරැඹුණ උසස් පෙළ විභාගය නොවැම්බර් මස 6 වැනිදා දක්වා පැවැත්වෙයි. රටේ අනාගත වගකීම බාර ගැනීමට සිටින ජාතියේ දුවා දරුවන්ට මෙම විභාගයට සාර්ථකව මුහුණ දීමට සමත් දියුණු හා නිරෝගී පරිසරයක් අඛණ්ඩව පවතීවා යන්න අපගේ ප්‍රාර්ථනය වේ.