
ස්ත්‍රී දූෂකයන්ට මරණ දඞුවම ක්‍රියාත්මක කිරීමට බංගලාදේශ රජය පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. නීති අමාත්‍ය අනිසුල් හක් පවසා ඇත්තේ අඟහරුවාදා (13) දිනයේදී ඒය නීතිගත කරමින් ඒරට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කරන බවයි.
පසුගිය සතියේ බංගලාදේශ කාන්තාවකට පිරිසක් විසින් අමානුෂික ලෙස පහර දීමේ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය වීමත් සමග රටපුරා නොසන්සුන්තාවයක් වර්ධනය විය.
පසුගිය සති අන්තයේ බොහෝ ස්ථාන වල විරෝධතා ආරම්භ වූ අතර උද්ඝෝෂකයන් පවසා සිටියේ ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම නියම කරන ලෙසයි.
උද්ඝෝෂණ වලට ක්ෂණික ප්‍රතිචාර දක්වමින්, පාර්ලිමේන්තුව රැස් නොවී ආඥා පනතක් මගින් නීතිය වෙනස් කිරීමට බංගලාදේශ රජය තීරණය කර තිබේ.
පසුගිය වසරේදී බංගලාදේශයේ ස්ත්‍රී දූෂණ 5,400ක් පමණ වාර්තා වී තිබේ. නමුත් කාන්තාවන් අපකීර්තියට පත්වීමට ඇති අකමැත්ත නිසා බොහෝ සිද්ධීන් වාර්තා නොවන බවද සමාජ ක්‍රියාකාරීහු පෙන්වා දෙති. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක වීමේ අනුපාතය බෙහෙවින් අඩු බවයි. ඒබැවින් ඔවුන් ඉල්ලා සිටින්නේ ස්ත්‍රී දූෂණ නඩු පවරන ආකාරය වෙනස් කරන ලෙස හා නඩු කටයුතු වේගවත් කරන ලෙසයි.
රොයිටර් පුවත් ඇසුරිණි
085
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිසේන මහත්තයාගේ එල්ලුම්ගහ වගේ නොවේවා...!!!
කාලකන්නි NGO, ටකරන් මඩු කාරයින් ඒ රටවලත් බින්න බැහැලා ඉන්නේ.. ඉතින් අර හිමිකම්, මේ හිමිකම් කියමින් රටවල් අස්ථාවර කිරීමේ ප්‍රමුඛයින්නේ... ඔය කියන NGO නඩේ එ් නිසා සාමකාමී සමාජයක් රටේ තියෙනවට කැමති නැහැ. එබැවින් මරණීය දණ්ඩණය වහා නවත්වනු..
ඕවා අපිට අදාල නෑ. මේක මිනීමැරුවත් පාර්ලිමේන්තු යන්න පුළුවන් රටක්...
මානව කාක්කෝ විරුද්ධව කට ඇරලා නැද්ද තාම..?
බංග්ලාදේශයේ එහෙම වුණාට බුදුන් වැඩි දේශයේ එහෙම වෙන්නේ නැහැ.
ලංකාවටත් අවශ්‍ය නීතියක්...
බංග්ලාදේශ නීතිය ලංකාවට වඩා ඉස්සරහට ගියා කියන්නකෝ...
ලංකාවේ නමු මේක පාර්ලිමේන්තු යන්න එක සුදුසුකමක්...
මිනීමරුවෙක්ට වුණත් මරණ දඬුවම නොදිය යුතුයි. ආගමික මනස්ගාත ඔළුවේ තියාගෙන ඉන්න අයම මරන්න දඬුවම් දෙන්න හරිම ආසයි. අපරාධකරුවෙක්ට දිය යුතු හොඳම දඬුවම ඔවුන් සමාජයෙන් ඉවත් කරන්න බන්ධනාගාර යොදා ගැනීමයි. මිනීමරුවෙක්ට දඬුවම් දෙන්න මිනී මරන්න හදන එකේ ලෝජික් එක මොකක්ද? ඒක අපට නම් හරිම හාස්‍යජනක දෙයක්, ස්ත්‍රී දූෂකයෙක්ට දිය යුතු දඬුවමත් දීර්ඝකාලීන සිරගත ජීවිතයක් මිස මරණ දඬුවමක් නොවේ.. බංගලාදේශය කියන්නේ ආගමික රාජ්‍යයක්නේ..
මිනිස්සුන්ගේ අවුල තියෙන්නේ ඔලුවේ. ඔය එල්ලලා මරන්න යන අපරාධකරුවන් නිරෝගියි. ඒ අයගේ ශරීර අවයව ගලවා ගන්න වැඩපිළිවෙළක් පටන් ගත්තා නම් හරි.
ලංකාවේ නම් පාර්ලිමේන්තුවට...