IMG-LOGO

2025 මැයි මස 28 වන බදාදා


බංගලාදේශය‌ේ ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම

 

ස්ත්‍රී දූෂකයන්ට මරණ දඞුවම ක්‍රියාත්මක කිරීමට බංගලාදේශ රජය පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. නීති අමාත්‍ය අනිසුල් හක් පවසා ඇත්තේ අඟහරුවාදා (13) දිනයේදී ඒය නීතිගත කරමින් ඒරට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කරන බවයි.

පසුගිය සතියේ බංගලාදේශ කාන්තාවකට පිරිසක් විසින් අමානුෂික ලෙස පහර දීමේ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය වීමත් සමග රටපුරා නොසන්සුන්තාවයක් වර්ධනය විය.

පසුගිය සති අන්තයේ බොහෝ ස්ථාන වල විරෝධතා ආරම්භ වූ අතර උද්ඝෝෂකයන් පවසා සිටියේ ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම නියම කරන ලෙසයි.

උද්ඝෝෂණ වලට ක්ෂණික ප්‍රතිචාර දක්වමින්, පාර්ලිමේන්තුව රැස් නොවී ආඥා පනතක් මගින් නීතිය වෙනස් කිරීමට බංගලාදේශ රජය තීරණය කර තිබේ.

පසුගිය වසරේදී බංගලාදේශයේ ස්ත්‍රී දූෂණ 5,400ක් පමණ වාර්තා වී තිබේ. නමුත් කාන්තාවන් අපකීර්තියට පත්වීමට ඇති අකමැත්ත නිසා බොහෝ සිද්ධීන් වාර්තා නොවන බවද සමාජ ක්‍රියාකාරීහු පෙන්වා දෙති. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක වීමේ අනුපාතය බෙහෙවින් අඩු බවයි. ඒබැවින් ඔවුන් ඉල්ලා සිටින්නේ ස්ත්‍රී දූෂණ නඩු පවරන ආකාරය වෙනස් කරන ලෙස හා නඩු කටයුතු වේගවත් කරන ලෙසයි.

රොයිටර් පුවත් ඇසුරිණි

085



අදහස් (14)

බංගලාදේශය‌ේ ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම

කපිල Tuesday, 13 October 2020 02:04 AM

සිරිසේන මහත්තයාගේ එල්ලුම්ගහ වගේ නොවේවා...!!! 

:       0       6

Raveendra Tuesday, 13 October 2020 03:04 AM

කාලකන්නි NGO, ටකරන් මඩු කාරයින් ඒ රටවලත් බින්න බැහැලා ඉන්නේ.. ඉතින් අර හිමිකම්, මේ හිමිකම් කියමින් රටවල් අස්ථාවර කිරීමේ ප්‍රමුඛයින්නේ... ඔය කියන NGO නඩේ එ් නිසා සාමකාමී සමාජයක් රටේ තියෙනවට කැමති නැහැ. එබැවින් මරණීය දණ්ඩණය වහා නවත්වනු..

:       6       8

KevinTuesday, 13 October 2020 11:17 AM

මෙන්න තවත් ඒ වගේම කෙනෙක්..

:       1       3

Lanka Tuesday, 13 October 2020 03:11 AM

ඕවා අපිට අදාල නෑ. මේක මිනීමැරුවත් පාර්ලිමේන්තු යන්න පුළුවන් රටක්...

:       3       7

Choola Tuesday, 13 October 2020 04:09 AM

මානව කාක්කෝ විරුද්ධව කට ඇරලා නැද්ද තාම..?

:       1       4

Kamal Koyrala Tuesday, 13 October 2020 05:40 AM

බංග්ලාදේශයේ එහෙම වුණාට බුදුන් වැඩි දේශයේ එහෙම වෙන්නේ නැහැ.

:       6       10

දිමුත් Tuesday, 13 October 2020 05:48 AM

ලංකාවටත් අවශ්‍ය නීතියක්...

:       1       9

De Tuesday, 13 October 2020 07:05 AM

බංග්ලාදේශ නීතිය ලංකාවට වඩා ඉස්සරහට ගියා කියන්නකෝ...

:       4       9

Prabha Tuesday, 13 October 2020 07:43 AM

ලංකාවේ නමු මේක පාර්ලිමේන්තු යන්න එක සුදුසුකමක්...

:       1       9

Walter White Tuesday, 13 October 2020 07:55 AM

මිනීමරුවෙක්ට වුණත් මරණ දඬුවම නොදිය යුතුයි. ආගමික මනස්ගාත ඔළුවේ තියාගෙන ඉන්න අයම මරන්න දඬුවම් දෙන්න හරිම ආසයි. අපරාධකරුවෙක්ට දිය යුතු හොඳම දඬුවම ඔවුන් සමාජයෙන් ඉවත් කරන්න බන්ධනාගාර යොදා ගැනීමයි. මිනීමරුවෙක්ට දඬුවම් දෙන්න මිනී මරන්න හදන එකේ ලෝජික් එක මොකක්ද? ඒක අපට නම් හරිම හාස්‍යජනක දෙයක්, ස්ත්‍රී දූෂකයෙක්ට දිය යුතු දඬුවමත් දීර්ඝකාලීන සිරගත ජීවිතයක් මිස මරණ දඬුවමක් නොවේ.. බංගලාදේශය කියන්නේ ආගමික රාජ්‍යයක්නේ..

:       7       5

BamunuarachchiThursday, 15 October 2020 04:08 AM

මොවුන්ව ජීවිත කාලයම හිරේ තියාගෙන රකින්න යන ජනතා බදු මුදල කොපමණද? කෑම බීම, ඉන්න සිරකුටිය, මොවුන් වෙනුවෙන් කරන ආරක්ෂක කටයුතු. මෙව්වාට ජනතාවගේ බදුමුදල් මොකටද නාස්ති කරන්නේ? මරලා දැම්මාම ප්‍රශ්නය ඉවරයි. දඬුවම දකින අය එම වැරැද්ද කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ.

:       0       1

සේනක Tuesday, 13 October 2020 08:37 AM

මිනිස්සුන්ගේ අවුල තියෙන්නේ ඔලුවේ. ඔය එල්ලලා මරන්න යන අපරාධකරුවන් නිරෝගියි. ඒ අයගේ ශරීර අවයව ගලවා ගන්න වැඩපිළිවෙළක් පටන් ගත්තා නම් හරි.

:       3       4

BamunuarachchiFriday, 16 October 2020 12:44 PM

මොන ලෝකෙද ජීවත් වෙන්නේ? ගොන්කම හොඳට ප්‍රදර්ශනය කළා.

:       0       1

jagath G Thursday, 15 October 2020 04:06 PM

ලංකාවේ නම් පාර්ලිමේන්තුවට...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 173 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 535 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 289 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site