(ඩයනා උදයංගනී)
මිනුවන්ගොඩ ඇගලුම් ආයතනයට කොවිඩ් 19 වයිරසය පැමිණි ආකාරය සෙවීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කමිටුවක් පත්කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
කම්කරු කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කර ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
සම කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය කම්කරු කාර්යයක් නොවේ. සෞඛ්‍ය අංශ කළ යුත්තක්. සියල්ලට වගේ ජනාධිපති කොමිසමක් පත්කළා නම් හරි...
තඹේකට විශ්වාස නැත.
අපි නම් දන්නවා කියත්මගේ අය තමයි ඕක කළේ කියලා. කමක් නැහැ. සල්ලිත් නැති වෙලාවේ. තව කමිටු දාගෙන තියෙන සොච්චමත් වියදම් කරපල්ලා.
කමිටුව පත් කිරීමටත් දින 10කට ආසන්න කාලයක් ගතවීමෙන්, මෙය හුදෙක් ජනතාව සනසවාලීමට සිදුකරන ලද තවත් ක්‍රියාවක් වනු ඇත. දැනට මාධ්‍ය මඟින් හෙළිවන කරුණුවලට අනුව බ්‍රැන්ඩෙක්ස් ආයතනයේ වගකීම් විරහිත ක්‍රියාවලියක ප්‍රතිඵලයක් හැටියට රටේ සෞඛ්‍ය සහ ආර්ථිකයට විශාල හානියක් සිදුවී ඇත. ඒ අනුව නිරෝධායන නීතියට අනුව ජනතාව අත්අඩංගුවට ගැනීමට පෙර, බ්‍රැන්ඩික්ස් ආයතනය කළ විනාශය ත්‍රස්ත ක්‍රියාවක් සිදු කිරීමකට සමාන ලෙස සලකා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.
හොරාගේ අම්මාගෙන් පේන අහනවා කියන්නේ මේකට තමයි. මේ ආණ්ඩුව දක්ෂ ඕකට තමයි.. ගිය ආණ්ඩුවත් ඔය වගේ තමයි. තව ජෙප්පෝ එකී, මෙකී, නොකී හැම දේශපාලු පක්ෂෙම හොරු..!!!
මෙතන කවුරු හරි ඇත්ත කියන්නේ නැති එකනේ ගැටලුව... බොරු කියපු අයගෙන් කමිටුව සඳහා ගිය සල්ලි ටිකවත් ගන්න බැලුවොත් නරකද?
ඇයි? අපේ බුද්ධි අංශ එච්චරටම දුර්වලද? ඔය දන්න අය කමිටුවට මේ පිළිබඳව අවබෝධයක් තියෙනවද? ඕවා බොරු බයිලා. මිනිස්සු රවට්ටන්න කරන වැඩ.
වගකිවයුතු රජයක් විදිහට, මේක කරන්න තිබ්බේ මුලින්ම.. කොරෝනා දැන් රටෙන් සහමුලින්ම ඉවරයි කිය කියා පවිත්‍රා නෝනා හිටියා මිසක්... අන්තිමට දරුණුවට කොරෝනා තිබ්බ ඉන්දියාවෙන් කොරෝනා ආනයනය කරනකම් බලාගෙන හිටියා..
පාස්කු ප්‍රහාරය තමයි හොයනවා ආයුබොවන්. දැන් මියගිය අයට අවුරුද්දේ පින්කමත් කරලා..
හැම දේකටම කමිටු නිකන් දාලා තියෙන්නේ..
වාර්තාව ලියලා ඉවරවෙලා තමයි කමිටුව දාලා තියෙන්නේ. කමිටුවේ කාර්යය බොරු ෂෝ එකක් දාලා ටිකදවසක් ඇදගෙන ගිහින් අර වාර්තාව එළියට දාන එක. කොයි ආණ්ඩුව හිටියත් කරන්නේ ඕකම තමයි.
කමිටුයි, ගැසට්ටුයි විතරයි. වැඩ නෑ. බයියන්ට හොඳයි ඕවා...
"නිරෝධායනයට ලක් නොවුණු ඉන්දියානුවන්" ගැන නොලියා වෙනත් ඕනෑම බහුභූතයක් ලිවීමට මේ විද්වත් කමිටුවට පූර්ණ අයිතියක් තියනවද?
කමිටුවේ වාර්තාව එනකොට, කොරෝනාවලට බෙහෙතක් හොයාගෙන තියෙයි. හෑදිච්ච අය මැරිලා ඉඳියි. වගකීම් ගන්න ඕන අය ලංකාවෙන් පැනලා ඉඳීවි. ලංකාවේ කමිටු වාර්තා සාමාන්‍යයෙන්, එක්කෝ කවදාවත් එන්නේ නෑ. නැත්නම් අවුරුදු 5-6කට පස්සෙ තමයි එළියට එන්නේ...