
(ඉන්දිකා රාමනායක)
රටේ පවතින තත්වය හමුවේ පුද්ගලයන් 2000 ක පිරිසක් නිරෝධායනයට යොමු කළ හැකි මධ්‍යස්ථාන කිහිපයක් ම යුද හමුදාව විසින් ස්ථාපිත කරමින් පවතින බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.
මෙම කටයුතු කඩිනමින් ම සිදු කරමින් පවතින බවද හමුදාපතිවරයා කියා සිටියේය.
දැනටමත් ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන මධ්‍යස්ථාන 96ක් තුළ පුද්ගලයන් 10, 500 දෙනෙකු නිරෝධානය වෙමින් පවතින බවද හමුදාපතිවරයා කියා සිටියේය.
ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායනය වූ 51,000 ට අධික පිරිසක් මේ වන විට සමාජගත කර ඇති බවද හමුදාපතිවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නිරෝධායන මධ්‍යස්ථාන මැද පෙරදිග මීනිස්සුන්ව ගෙන්න ගන්න හදන්න බැරිවුණා.. ගෝඨා සර්ට.., රටවිරුවන්ට සතුටුද දැන්..?
මෙහෙ මිනිස්සු එන්න බලාගෙන දැන් මාස 6කට කිට්ටුයි. ලෙඩ බෝවෙයි කියලා ගෙනාවේ නෑ. දැන් රටේම ලෙඩේ බෝ වෙලා ආපු විදිය දන්නෙත් නෑ. මෙහෙ මිනිස්සු පාර්ක්වල රෑ නිදා ගත්තා. ඔය කියන කොරන්ටීන් සෙන්ටර් හදලා ඒ මිනිස්සු ගෙනාවා නම් ඒකවත් තියෙනවා.
වැඩේ ඇදෙනා බව නේද මේ ව්‍යාංගයෙන් කියවෙන්නේ. බ්‍රැන්ඩික්ස් රැල්ල දුර යන්න වගේ..
රජයේ බොහෝමයක් ගොඩනැගිලි වැඩකට නැතිව තියෙනවා. ඒවා පවරාගන්න මේ බව කළින් හිටපු අගමැතිතුමා පක්ෂනායක රැස්වීමෙදී කිව්වා. වයිරස් කියන්නේ LTTE කියලා හිතුවනේ එතකොට.
අද යුදපතිය ඉස්සර නම් හපනෙකි.. දැන් නිතරම ඔහු ගොට්ටට බරය..
රටම අනතුරට හෙලා ඇත. දැන් මේකටත් කොමිසන් 2-3 ක් පත් කරගෙන අවුරුද්දක් විතර ඇදගෙන යමු. අනාගතේ රැකියා වැඩිම අංශය නීතීඥ ක්‍ෂේත්‍රය වීමට බොහෝ ඉඩ තිබේ.
සමහර හෝටල් අයිතිකාරයෝයි, ට්‍රැවල් කම්පැනියි, සෙකියුරිටි කම්පැනියි කොරෝනාව වවාගෙන කනවා.
මාමේ, මාමා කිව්වා නේද ඔය කෝවිඩ් කාරයාට දුවන්න ගැහැව්වයි කියලා...? මාමා අර ෆොන්සේකා සීයා කියන ඒවා ඇත්ත වගේ... ඒ කාලේ මාමයි... අපේ සර් සීයයි.. හැංගිලා හිටියයි කියලා...