
(මොහොමඩ් ආසික්)
මහනුවර දිස්ත්‍රික්කය තුල මෙවර මහ කන්නයේදී වී ප්‍රභේද 5ක් වගා නොකරන ලෙස මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දිස්ත්‍රික්කයේ ගොවින්ගෙන් ඉල්ලා සිටියි.
මහනුවර දිස්ත්‍රික් කාෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා එම්.ජී. එන් සඳමාලි මහත්මිය සඳහන් කරන්නේ, මහනුවර දිස්ත්‍රික්කය තුල වෙළඳ ආයතනවල පහසුවෙන් ලබා ගැනිමට ඇති බි.ජී.352, බී.ජී. 366, බී.ජී. 358 , බී.ජී.300 සහ බී.ජී. 310 යන වී ප්‍රභේදයන් මෙම මහ කන්නයේදී මොනම හේතුවක් නිසාවත් මහනුවර දිස්ත්‍රික්කය තුල වගා නොකරන ලෙස ගොවින්ගෙන් ඉල්ලා සිටින බවය.
මේ වන විට මහ කන්නයේ වගා කටයුතු සඳහා බිම් සකස් කිරීම ආරම්භ වී ඇති බවත්, ඉදිරි දෙසැම්බර් සහ ජනවාරි මාස මහනුවර දිස්ත්‍රික්කය තුළ දැඩි සීත කාලගුණයක් සහිත කාලයක් වන බැවින් ඉහත සඳහන් කළ වී ප්‍රභේද වගා කළහොත් ඒවා සීතලට ඔරොත්තු නොදිම හේතුවෙන් අස්වැන්න විශාල වශයෙන් බොල්වීමට හේතු වන බව නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සඳමාලි මහත්මිය ප්‍රකාශ කළාය.
මෙම හේතුව නිසා මෙම වී වර්ග පහ මොනම හේතුවක් නිසාවත් වගා නොකරන ලෙසත්, තමන් වගා කළ යුතු වී වර්ගය පිළිබඳව ප්‍රදේශයේ කෘෂි උපදේශක මහතා හෝ මහත්මිය හමුවී උපදෙස් ලබා ගන්නා ලෙසත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා එම්.ජී.එන්.සඳමාලි මහත්මිය තවදුරටත් සඳහන් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගා නොකළ යුතුයි කියන බීජ ප්‍රසිද්ධියේ කියලා වගාකළ යුතුයි කියන බීජවර්ග අහගන්න උපදේශකලා හොයාගෙන යන්න කියන්නේ අහවල් දේකටද කියලත් කිව්වා නම් හොඳයි නේද?
රාජකාරි නොපමාව සහ නිවැරදිව කරන නිලධාරීන් අගය කිරීම අප නොදියුණු සමාජයට නුහුරු වුවත් දියුණුව කරා යෑමට දිරිමත් කිරීම අවශ්‍යයි !!!
මේ නියෝගවලට අවනත නොවී ගියවර වී රජයට නොවිකුණු ගොවීන්ට පොහොර සහනාධාරය දෙන්න එපා.