
(තිලකරත්න දිසානායක)
කොරෝනා වයිරස තත්ත්වය පාලනය සදහා ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ඔසුහල් ඇතුළු සියලුම වෙළඳසල් හෙට (13) සිට වසා දැමීමට පියවර ගෙන ඇති බව ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පවසයි.
ඉතා අත්‍යාවශ්‍ය හේතුවක් මත පමණක් නිවෙස්වලින් බැහැරව යාමට අවස්ථාව සලසා දී තිබීම අයුතු ලෙස ප්‍රයෝජනයට ගෙන අනවශ්‍ය ලෙස භාවිතා කරන බවක් පෙනීයාම මත මෙවන් පියවරක් ගැනීමට හේතු වී ඇති බව දිසාපතිවරයා කීය.
ඇතැම්විට තරුණ පිරිස තම පියාගේ හෝ මවගේ රෝගයන් සදහා ඖෂධ ආදිය ගැනීම සඳහා යන බව පවසමින් වෛද්‍ය වාර්තා ආදිය රැගෙන විවිධ අවශ්‍යතාවයන් සදහා නගරවලට පැමිණෙන තත්ත්වයක් පෙනී ගොස් ඇති බවද හෙතෙම සඳහන් කළේය.
කොරෝනා රෝග තත්ත්වය ව්‍යාප්තවීම මැඩපවත්වා ගැනීම පිනිස ඇදිරි නීතිය පනවා ඇති බැවින් මෙය තේරුම් ගෙන ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාව නිවෙස්වලට වී කාලය ගත කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන දිසාපති සුනිල් ජයලත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරසිටියේ ඇදිරි නීතිය කඩකරමින් කටයුතු කරන්නවුන් වෙනුවෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගනු ලබන බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රස්තියාදුකාර මදාවියන් කිහිපදෙනෙකු විසින් සිදුකළ අමනෝඥ නොමනා ක්‍රියාවකට, ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ආවරණයට ලක්කිරීම සාධාරණද? රස්තියාදු කාරයින්ගේ මොලගෙඩි හා තකතීරු තීරණ ගන්නා නිලධාරි ඔළුගෙඩි අතර කිසිම වෙනසක් මට නම් පෙනෙන්නේ නැහැ. අහිංසක දුප්පත් ජනතාව පීඩාවට පත්කිරීම තමයි ඔය දෙගොල්ලෝ දෙයාකාරයකට සිදු කරන්නේ...
එකෙක් දෙන්නෙක් වැරැදි කළාම මුළු රටටම දඬුවම් කරනවා. එක රටක් එක නීතියක් කියන්නේ මේකට...