( තිළිණි ද සිල්වා )
කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ මෙහෙයුම් අංශයේ සේවකයකුට කොරෝනා වයිරසය ආසාදනය වූ බවට වෛද්‍ය පරීක්ෂණ වලින් අද (12) තහවුරු වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගම කියා සිටී.
ඔහුට බාහිර අයකුගෙන් මෙම වයිරසය වැළඳී ඇති බව විශ්වාස කරන අතර වැළඳී ඇති කාර්ය මණ්ඩල සාමාජිකයා සමඟ රාජකාරී කළ සේවකයින් 50 දෙනෙකු මේ වන විට පී.සී.ආර් පරීක්ෂණ වලට භාජනය කර ඇති අතර එහි ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින බවද එම සමාගම කියා සිටී.
එම සේවකයාට කොවිඩ්-19 පරීක්‍ෂණයක් සිදු කර ඇති බවත් එහි ප්‍රතිඵලය ධනාත්මක වූ බවත් එම කාර්ය මණ්ඩල සාමාජිකයා ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මේ වන විට රෝහල් ගත කර අවශ්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් කීය.
ආයතනය තුළ වයිරසය පැතිරීම වැළැක්වීම සඳහා රජයේ සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුව සිය සේවකයින් ආරක්ෂා කිරීමට ගුවන් සමාගම සෑම පියවරක්ම ගෙන ඇති අතර සෞඛ්‍ය හා අනෙකුත් රජයේ ආයතන සමඟ අඛණ්ඩව කටයුතු කරන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෙන්වා දේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකත් මිනුවන්ගොඩ පොකුරේ. ඔයාලා පැනික් වෙන්න එපා. 'සර්' තාම චීනෙන් ටූල්ස් ටික ගෙන්නගෙන නෑ. ඒ ටික ආවම කොරෝනා ඉවර කරයි. එතකන් ඉවසලා ඉන්න...
ආර්ථීකය කියලා ගාර්මන්ට් එකට ඉන්දියාවෙන් ගේන්න දීලා දැන් වෙන්නේ රටේ ආර්ථිකයයි ජනතාවගේ සුවතාවයයි (health) දෙකම නැතිවෙන එක. ඉතාම සුදුසු දේ රට සතියකට හෝ සම්පූර්ණයෙන් වසා දැමීමයි.. ජනතාවගේ සුවතාව (health) නැතිව කොහොමද ආර්ථීකය හදන්නේ? දැනුත් වහන්න පරක්කු වැඩියි.
මේ අද පළවුණු BBC ප්‍රවෘත්තියේ කියනවා කොරෝනා වයිරසයේ දින 28ක් දක්වා මුදල් නෝට්ටු, පරිගණක, ටෙලිෆෝන් මතුපිටවල තිබී බෝවිය හැකි බව... ගුවන් බඩු එහාමෙහා කිරීමේදී ප්‍රෙව්සම් වෙන්න.