
(ඩයනා උදයංගනී)
ලබන වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නා බවත් ඇතැම් විට එය ලබන සතියේම විය හැකි බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
අයවැය ලබන නොවැම්බර් 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු එහි විවාදය ආරම්භ වන බැවින් ඊට පෙර මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ද කතානායකවරයා විසින් ලබන අඟහරුවාදා (20) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද දයාසිරි ජයසේකර මහතා කීවේය.
රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ශ්‍රී.ල.නි.ප මූලස්ථානයේදී ඊයේ (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයසේකර මහතා පැවසුවේ 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට ශ්‍රී.ල.නි.පය පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයාට හා අගමැතිවරයාගේ කමිටුවට මේ වන විටත් ලබා දී ඇති බවයි.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති සාධනීය ලක්ෂණ ආරක්ෂා කර ගත යුතුය යන්න ශ්‍රී.ල.නි.ප ස්ථාවරය බව කී රාජ්‍ය අමාත්‍යවරයා නැතිනම් ගෙන එන නව ව්‍යවස්ථාවට හෝ එම කරුණු ඇතුළත් කළ යුතු බව පැවසීය.
20 වන සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව, නීතිපතිවරයා කී කරුණු අනුව එයට පාර්ලිමේන්තුවේදී සංශෝධන ගණනාවක් එක් වනු ඇතැයි ද හෙතෙම කීවේය.
ඉදිරියේ දී නව ව්‍යවස්ථාවක් සකස් කරන විට 1972 දී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය කළ අයුරින් පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සභාවක් බවට පත්කර සියල්ලන්ගේ අදහස් ලබාගත යුතුය යන්න තම පක්ෂ ස්ථාවරය බවද මහ ලේකම්වරයා පැවසීය.
තම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ඇතිකරගත් ගිවිසුමේ ඇති පොරොන්දු ඉටු නොවන බවට ශ්‍රී.ල.නි.ප ජෙය්ෂ්ඨ උප සභාපති මහාචාර්‍ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු මෙහිදී නැගූ පැනයකට පිළිතුරු දුන් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා සමඟ පසුගිය දා සාකච්ඡා කළ බවයි.
ශ්‍රී.ල.නි.ප පළාත් පාලන මන්ත්‍රීන්ට හා හිටපු පළාත් සභා මන්ත්‍රීන්ට ආණ්ඩු පක්ෂයට සහය දක්වන්නන් සේ සළකා ප්‍රතිපාදන ලබාදීම ඇතුළු කරුණු කීපයකට එහිදී එකඟ වූ බවද ජය්සේකර මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැබිනට් ඇමැතිකමක් ගන්න සියල්ල පාවාදෙන මෙහෙමත් මිනිස්සු..
20 ගැන කතා කරන්නේ ඇමතිකමට කෙළ හළන්නැයි කියා අපට සිතේ...
යන්නේ කොහේද මල්ලේ පොල් වගේ ජනාධිපතිගෙන් ලකුණු දාගන්න කියන කතා.
20 ඇවිත් රටට කෙළවුණත් කමක් නැහැ. තමන්ට කැබිනට් ඇමැතිකමක් ලබාගන්න කියන කතා.
දේශද්‍රෝහියෝ 20 ඕනෙලු.. කැබිනට් ඇමැතිකමකට කෙළ හලනවෝ...
ඊට කළින් කෝවිඩ් ආවොත් තමයි වැඩේ.
දයාසිරි 20ට අත උස්සන්නේ බතික් රෙද්දක් ඇඳගෙනද? ඔය බැසිල්ලා එදා කියපු දේවල් කළාද? තවත් ලැජ්ජා නැතිව පස්සෙන් යනවා. SLFP පාටි එකට කොඳු නාරටියක් නැද්ද?
වඩා හොඳ රටකට ගැලපෙන නිසි දැක්මක් මේ දේශපාලකයින්ට නැහැ.
"පාවාදෙන්නෝ" මෙවැනි දෙපත්නයි ඕනෑතරම් දියවන්නාවේ ඉන්නවා. 69 ලක්ෂයක්වූ බයියන්ට පින්සිදු වන්නට. මෝඩකමින්, නූගත්කමින් අන්ධ වී සිටින බයියන්ට ඇස් ලැබෙන්නේ කවදාද? එදාට මේ රට සුන්දර රටක් වේවි..!!!
මෙයාට බතික් නොවේ, චීත්ත අන්දන්න ඕනෑ.
ඔව් ඔව්.. ඒක වහාම පාස්කරගන්න ඕනෑ. එහෙම නැතිව කෝවිඩ් වසංගතේ තුරන් කරන්න බැහැනේ. 20 පාස් කළාම රටේ තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා.
20 සම්මත වුණොත් සිදුවන්නේ 78 ව්‍යවස්ථාවට සමහරවිට එයටත් වැඩියෙන් ආපස්සට ගමන් කිරීමයි. එකල SLPF ප්‍රමුඛ වාමාංශික පක්ෂ 78ට විරුද්ධව විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙනගියා මට මතකයි. එහෙම සිටි අය දැන් UNP එකටත් එහාගිහින් ඒකාධිපති විධායක ක්‍රමයකට පක්ෂව කථා කරනවා. ලාංකික දේශපාලකයින් හැරෙන හැරෙන පැත්තට කථාකරන ප්‍රතිපත්තියක් නැති මිනිසුන්ය. අපට ඉදිරියක් පේනතෙක් මානයක නැත්තේ මෙවැනි වැනෙන ප්‍රතිපත්ති තිබෙන නිසායි...
ලැජ්ජාව බෙදන තැන පෝලිමේ අන්තිමට වත් ඉඳලා නෑ.
ඔය 20ට නම් 2/3ක් ගන්න බෑ පුතේ..
මේ වගේ අයට ඡන්දෙ දුන්නේ මොකද මන්දා? ලබන සැරේවත් ගෙදර තියන්න.
චීත්ත ඇමති...
මෙයාට චීත්තය ඇන්දුවා නම් එළකිරි...
ශ්‍රී ලංකන් එකෙන් එජාපයට පන්නා එජාපයෙන් ශ්‍රී ලංකා එකට පන්නා දැන් දැන් පොහොට්ටුවට පනින්න දඟලන්න මේවගේ අය ගැන මොන කතාද?
රට, ජාතියට හෙන ගැහුවත් කමක් නැහැ. එයාට ඇමැතිකමක් ලැබිලා එයාගේ හොද්ද බොරවුණාම සේරමහරි... අනේ මෙහෙමත් රටක්...!!!
අර වරායේ ගලට වුණේ මොකක්ද දන්නේ නැහැ? කතාවෙන් නම් මහලොකු දේශප්‍රේමියෝ... සිරාටම ගැලපෙන ගෝලයෝ.. වැලයන පැත්තට මැස්ස ගහගෙන ගොඩ යනවා..
ඇමැති කට්ටකට රටත්? ජාතියත්, ආත්මයත් පාවාදෙන මෙහෙමත් මිනිස්සු...
ජනාධිපතිතුමෝ, බලාගෙනයි.. ළිඳේ වැටෙයි.
සම්මත වුණොත් හිටුකියලා සීමාවක් නොමැතිව ඇමැතිකම් ගන්න පුළුවන්නේ නේද? නොදකින් මෙහෙම දේශපාලුවෝ.. ජෙප්පොයි, ටෙලිෆෝන් කාරයොයි හොඳයි කියනවා නොවේ... ඔවුන් මීට අන්තයි. ඔවුන් බලයේ ඉන්න සිංහල රට, ජාතිය පාවාදෙන කට්ටියක්..
ජනාධිපතිතුමනි, මේ මහා කුමන්ත්‍රණ කරුවෙක්... ප්‍රවේසමෙන්...