( නිමන්ති රණසිංහ )
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය නැතැයි කී කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඒ සඳහා වරෙන්තුවක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් අද(13) ප්‍රතික්ෂේප කළේය.
නීතීපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ පසුගිය ජනාධිපතිවරණයේදී මහජන මුදල් අවභාවිත කරමින් මැතිවරණ නීතී උල්ලංඝනය කළැයි කියන මෙම සිද්ධියට අදාළව හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන ලෙසය.
මෙම වරද සංඥය වරදක් වන බැවින් එම වැරදි වලට වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගත හැකි බැවින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ඒ සඳහා තමන් වරෙන්තු නිකුත් නොකරන බව මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විනිසුරුගේ ප්‍රකාශය හරි නම්, දියවන්නාවේ අසුචි මාලිගාවේ වහලේ එල්ලිලා ඉන්න, රටවැසියන්ගේ ලේ උරාබොන හොර, තක්කඩි, වවුල්ලු ඔක්කොම අල්ලලා බලු කුඩුවට දමන්න පුළුවන්නේ... හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පොලිසියේයි. ඔය වවුලන්ව අල්ලන්න යන පොලිස් කාරයින් රටට ආදරේ ඇති අය විය යුතුමයි. අවංක විය යුතුමයි. දේශපාලුවකුගෙන් "තේ" උගුරක් තරමින්වත් වරදාන ලබා නොගත්තෙකු විය යුතුයි. ඒ වගේම ශක්තිමත් කොන්දක් ඇති අය වියයුතුමයි. අපේ පොලිසියේ ඒවගේ " උත්තමයින් " ඉන්නවා නම් මෙන්න චාන්ස් එක.
රිෂාඩ්ව අත්අඩංගුවට ගත්තොත් ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගිනස් වාර්තා පොතට යනු ඇත. එච්චර කොන්දක් තියේද කියලා බලමු.
ලංකාවේ පොලිසියේ ප්‍රසිද්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්න එන්නේ තමන් එනබව පත්තරේට දමලා. එතකොට සමහර සැකකරුවෝ රටෙනුත් පැනලා ගිහින්... මෙහෙම විකාර තියෙන්නේ ලංකාවේ පමණි. ගමේ පොඩිමිනිහෙක් අවශ්‍ය වුණාම පිටිපස්සට පයින් ගහලා ජීප්එකේ දමාගෙන එනවා. ඩීල් දාසගේ කතාව හරි..
අලුත් පික්චර් එකක ‘කමින්‘ කෑල්ලක්..
රිෂාඩ්ට කළින් අත්අඩංගුවට ගන්න ඕනේ ආරක්ෂාව පිළිබඳ කිසිම සොයාබැලීමක් නොකර... වැඩබලන ආරක්ෂක ඇමැතිවරයෙක් හෝ පත් නොකර සිංගප්පූරුවේ සවාරි ගිය ආරක්ෂක ඇමැති... සහ සේනාධිනායකකම දරපු අය, පොලිස්පති.... ආරක්ෂක ලේකම් ඇතුලු පිරිස..
මල්ලිගෙ කේස් එකේ උණුසුම යවන්න අයියාව කරලියට ගත්තා. මේවා නිකම් නාට්‍ය වගේ.
පුද්ගලික මුදල් සඳහා මහජන මුදල් වියදම් කරන්නේ ඔහු පමණක්ද?