
(ජයන්ත සමරකෝන්)
මාළිඟාවත්ත විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට බාහිර පුද්ගලයන්ගේ (විශ්‍රාමිකයන්ගේ) පැමිණීම අද(13) සිට නැවත දැනුම්දෙනතුරු තාවකාලිකව අත්හිටුවා ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, විශ්‍රාම වැටුප් සක්‍රීය කිරීමේ සම්මුඛ පරීක්ෂණ නොපැවැත්වෙන අතර, සියලුම විශ්‍රාම වැටුප් ගැටලු කෙටි දුරකතන අංකය වන 1970ට අමතා විසඳාගැනීමට අවස්ථාව සලසා ඇතැයිද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කොරෝනා වසංගත තත්වය අනුව ජනතාව ඒකරාශීවීම වැළැක්වීම සඳහා තාවකාලික පියවරක් ලෙස මෙම ක්‍රමය අනුගමනය කරන බවද දෙපාර්තමේන්තුව විශ්‍රාමික ප්‍රජාවට දැනුම්දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ දෙපාර්තමේන්තු සියල්ලම ක්රියාත්මක වෙනවා නම් විශ්‍රාම දෙපාර්තමේන්තුව පමණක් වැඩ නැත්තේ මොකද? අනිවාර්යයෙන්ම එදාට ඔය දුරකථනය වැඩ කරන එකක් නැහැ. මේක විශ්‍රාම වැටුප් ගෙවන එක කල්දමන්න කරපු මගඩියක්.. විශ්රාමිකයන් අතරේ කොරෝනා බෝවුණා කියලා මේ වනතුරු කිසිම ආරංචියක් නැහැ.