
මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ ආසාදිතයන් පොකුරට තවත් කොරෝනා ආසාදිතයන් 39 දෙනෙකු අද(12) හඳුනාගෙන තිබේ.
නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ආශ්‍රිතයන් හෝ කාර්යමණ්ඩලයේ 25දෙනෙක් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් 14දෙනෙක් ඊට ඇතුළත් වෙති.
මේ දක්වා වාර්තා වී තිබූ මුළු ආසාදිතයන් ගණන 1307කි.
මෙම ආසාදිතයන් 39දෙනා සමඟ මුළු ආසාදිතයන් ගණන 1346 දක්වා ඉහළ ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ පොකුර විතරයි. සමාජගත වෙලා නෑ තාම. ගෙවල් වලට වෙලා 5000 දෙනකන් බලන් ඉන්න එපා. රස්සාවල් කරගෙන හම්බකරගෙන කන්න. කොරෝනා එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න.
මෙයාලා ඇඳුම් විතරක් නොවේ... කොරෝනත් රටටම දෙනවා වගේ..
ඔව්වා නම් මොනවද..? අර එළියට දා දොස්තර මහත්තයාට අලුතෙන් ආණ්ඩුවේ රෙදි අපුල්ලන්න තනතුරක් හදල දීලා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කියලා. ඉස්සරට වැඩියෙන් හොඳට හොඳයි.
ඉතාම සුදුසු දේ රට සතියකට හෝ සම්පූර්ණයෙන් වසා දැමීමයි. මේ වෙලාවේ ආණ්ඩුව ජනතාවට හා රටට අවංක තීරණ නොගත්තොත් තවත් රජයට ඉදිරියට අපහසු වේවි. ලංකාවේ වැඩිම අසාධිතයන් වාර්තා වෙනුයේ දැන් වන අතර ඡන්දය පැවැත්වීමට පැවති කාලය ආසන්නයේ නිතර නිතර ජනතාව වෙත ජාතිය අමතා කොරෝනා ගැන කථා කළා පමණක් නොව මීට බෙහෙවින් අඩු අසාධිතයින් වාර්තා වූ අවධියක රට වසා දැමුණි. අවංකව brandix වැරැද්ද පිළි අරගෙන වැරදි අයට අයින් වෙන්න කියලා ජනතා සහාය තවදුරටත් රැකගැනීම අතිශය සුබවාදී බවයි මගේ හැඟීම...
මිනුවන්ගොඩ කොරෝනා පොකුර නෙමෙයි බ්‍රැන්ඩික්ස් එකෙන් ලංකාවට කොරෝනා බෝ කරලා දැන් රටේ පැතිරිලා තියෙන කොරෝනා පොකුර...